Ticker

6/recent/ticker-posts

Header Ads Widget

නෙට්බෝල් සංගමයේ මුදල් බැංකු අයිරාවක් අතුරුදන්

ප්‍රින්ස් ගුණසේකර

ශ්‍රී ලංකා නෙට්බෝල් සම්මේලනයේ බැංකු අයිරාවක සදහන් රුපියල් 570334. 15ක් හා අත තිබූ මුදල් රුපියල් ලක්ෂ 353634. 54ක් පිළිබඳ තොරතුරු සොයා ගැනීමට නොහැකි හෙයින් අය - වැය සම්බන්ධ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම ගැටලුවක් බව නෙට්බෝල් ලේකම් තිසාංගනී ෂන්මුගනාදන් මහත්මිය ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් මගින් ක්‍රීඩා ඇමැති අධිනීතීඥ ෆයිසර් මුස්තාපා මහතා වෙත ලිපියකින් දැනුම් දෙයි.

මෙම බැංකු අයිරාව හා අත තිබූ මුදල් පිළිබඳ විගණන සමාගමක් ඉදිරිපත් කළ පැරණි විගණන වාර්තාවක සදහන් වුවද ඒවා තම සංගමය සතුව නොමැති හෙයින් වගකීම සම්බන්ධ විමසුමක් කරන ලෙස දැනුම්දී ඇත. මෙම ව්‍යාකූල තත්ත්වය හමුවේ ගිණුම් වාර්තා ඉදිරියට ගෙන යෑමේ අර්බුදයකට මුහුණදී ඇතැයි දැනුම් දී තිබේ. නෙට්බෝල් ගිණුම් වාර්තා සමග පැරණි බැංකු අයිරා හා අත තිබූ මුදල් සොයාගත නොහැකිව ගිණුම් වාර්තා ඉදිරියට ගෙන යෑම අසීරු හෙයින් මෙම ප්‍රශ්නය විසදා දෙන ලෙස ශ්‍රී ලංකා නෙට්බෝල් සම්මේලනයේ භාණ්ඩාගාරිකවරිය ද අදාල අංශ වෙත දැනුම්දී ඇත.

මේ අතර ශ්‍රී ලංකා නෙට්බෝල් සම්මේලනයේ නිලවරණය මේ වසරේ පැවැත්වීමට අවශ්‍ය කටයුතු යොදන ලෙස ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව නෙට්බෝල් සම්මේලනයේ ලේකම්වරියට ඊමේල් මගින් දැනුම් දී තිබුණු අතර එහිදී ද මෙම මූල්‍ය තත්ත්වයන් පිලිබඳ සාකච්ඡාවී ඇතැයි වාර්තා වේ. නිලවරණය හෝ විශේෂ වාර්ෂික මහා සභා රැස්වීම පැවැත්වීමට නම් නෙට්බෝල් ගිණුම් වාර්තා සම්මතකර ගැනීම අත්‍යාවශ්‍ය බවත් එය බැංකු අයිරා හා අත තිබූ මුදල් සොයාගත නොහැකිව සිදු කිරීම අපහසු බවත් පෙන්වා දී ඇත.

ශ්‍රී ලංකා නෙට්බෝල් සම්මේලනයේ වාර්ෂික මහා සභාව නියමිත පරිදි පවත්වන ලෙස දිස්ත්‍රික් සංගම් කිහිපයක් පසුගියදා පැවැති කවුන්සිල රැස්වීමේදී ඉල්ලා ලිපියක් භාරදී ඇතත් එහිදී ද මෙම ප්‍රශ්නය පැන නැගී ඇත. පරිපාලන දෙකක් අතර ඇති ගැටලුව විසදා ගන්නා තුරු විශේෂ මහා සභා රැස්වීම් පැවැත්වීම අපහසු බව වත්මන් නෙට්බෝල් පරිපාලනය දැනුම්දී ඇති අතර එහිදී උණුසුම් තත්ත්වයක් නිර්මාණයවී තිබේ.

දිස්ත්‍රික් සංගම් කිහිපයක නියෝජිතවරියන් දක්වා ඇත්තේ විගනන වාර්තා සම්බන්ධ ප්‍රශ්නය ඉදිරියට දමමින් විශේෂ මහා සභා රැස්වීම නොපැවැත්වීමෙන් නෙට්බෝල් සංගමය බල රහිත තත්ත්වයකට පත්ව ඇති බවයි. නෙට්බෝල් සම්මේලන ව්‍යවස්ථාව අනුව සෑම වර්ෂයකම නියමිත දිනකදී විශේෂ මහා සභාව පැවැත්වීමට අපොහොසත් වුවහොත් එතැන් සිට සම්මේලනයේ නිලතල බල රහිතවන බව කවුන්සිලයේදී ප්‍රකාශවී ඇත.

ශ්‍රී ලංකා නෙට්බෝල් සම්මේලනයේ දිස්ත්‍රික් ක්‍රීඩා සංගම් 25කින් හා අනුබද්ධ ක්‍රීඩා සංගම් 9කින් බහුතර පිරිසක් නෙට්බෝල් විශේෂ මහා සභාව පවත්වන ලෙස ඉල්ලා ඇති අතර තවත් කිහිප දෙනකු ශ්‍රී ලංකාව සහභාගීවන ආසියානු නෙට්බෝල් ශූරතාවලියෙන් පසුව මෙම ප්‍රශ්න සාකච්ඡා කළ යුතු බව පෙන්වා දී තිබේ. ආසියානු නෙට්බෝල් ශූරතාවලිය සැප්තැම්බර් 1 සිට 9 දක්වා සිංගප්පූරුවේදී පැවැත්වීමට නියමිතය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();