Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මාතලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ක්‍රීඩා ශූරතාව ගලේවෙලට

ජාතික මහා ක්‍රීඩා උළෙලේ දෙවන අදියර යටතේ පැවැති මාතලේ දිසා අන්තර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මලල ක්‍රීඩා තරගාවලියේ සමස්ත ශූරතාව දිනා ගැනීමට ලකුණු 51 ලැබු ගලේවෙල ප්‍රා.ලේ කොට්ඨාසය සමත්වු අතර අනුශූරතාව ලකුණු 48ක් ලැබු නාඋල ප්‍රා.ලේ කොට්ඨාසයට හිමිවිය.

මෙවර තරගාවලියේ දක්ෂතම මලල ක්‍රීඩකයා ලෙස පිරිමි මීටර් 200 තරග ඉසව්ව තත් 23.08 නිමකළ ගලේවෙල ප්‍රා.ලේ කොට්ඨාසයේ එස්.ඒ.ඉමෙෂ් කාවින්ද සහ දක්ෂතම මලල ක්‍රීඩිකාව ලෙස මීටර් 400 තත්.60.08 නිමකළ මාතලේ ප්‍රා.ලේ කොට්ඨාසයේ ලක්ෂිකා අයෝධ්‍යා අලුවිහාරේ සම්මාන ලැබුහ. දක්ෂතම ක්‍රීඩිකාවවු ලක්ෂිකා මහනුවර හිල්වුඩ් බාලිකා විදුහලේ 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන 14 හැවිරිදි ළාබාල දියණියක් වීමද විශේෂත්වයකි.

මෙහිදි පිරිමි මලල ක්‍රීඩා ශූරතාව ගලේවෙල ප්‍රා.ලේ කොට්ඨාසයටද, අනුශූරතාව උකුවෙල ප්‍රා.ලේ කොට්ඨාසයටද හිමිවිය. කාන්තා ශූරතාව නාඋල ප්‍රා.ලේ කොට්ඨාසයට හිමිවූ අතර අනුශූරතාව ගලේවෙල ප්‍රා.ලේ කොට්ඨාසය සතුවිය.

මාතලේ දිසා ක්‍රීඩා නිලධාරිණි ඉනෝකා සේනාධිර මෙනවියගේ අධික්ෂණය යටතේ මාතලේ දිසා ලේකම් කාර්යාලයීය ක්‍රීඩා අංශය මගින් සංවිධාන කළ මේ තරගාවලියේ ජය සංකේත ප්‍රදානය මධ්‍යම පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂ ජේ.පි. ජගත් කීර්ති මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. මේ අවස්ථාවට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ මාතලේ දිස්ත්‍රික් සමබන්ධිකරණ නිලධාරි තිලක් විමලසිංහ මහතා සහ මාතලේ දිසා ක්‍රීඩා නිලධාරිණි ඉනෝකා සේනාධිර මෙනවියද එක්වුහ.

 මාතලේ දිසා විශේෂ -අසෝක හිදගොඩ

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();