පුත්තලම, අරුවක්කාලු සනීපාරක්ෂක කසළ රඳවනය ඉදිකිරීමේ ව්‍යාපෘතිය පිළිබඳ ප්‍රගති සමාලෝචන රැස්වීමක් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවකගේ ප්‍රධානත්වයෙන්, වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන්, ප්‍රාදේශීය ලේකම්වරයා ඇතුළු නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්විය.
එහිදී ව්‍යාපෘතියේ ඉදිරි කටයුතු අධීක්ෂණය සඳහා ප්‍රාදේශීය ලේකම්වරයාගේ මූලිකත්වයෙන්, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගෙන්, ප්‍රදේශයේ වෘත්තියවේදීන්ගෙන් හා ප්‍රජා නායකයින්ගෙන් සමන්විත උපදේශක මණ්ඩලයක් පත්කරගන්නා ලදී.
The post කසළ රදවනය ගැන කමිටුවක්. appeared first on Lanka News Column.
0 Comments