Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මැදබැද්ද විදුහලට හෑන්ඩ්බෝල් ජයග්‍රහණ

සමස්ත ලංකා පාසල් හෑන්ඩිබෝල් තරගාවලියේදී ජයග්‍රහණ ද්විත්වයක් හිමිකර ගැනීමට ගලේවෙල මැදබැද්ද මහා විද්‍යාලය සමත් විය.

තරගාවලීයේ අවුරුදු 20න් පහළ බාලක අනුශූරතාව දිනා ගැනීමට මැදබැද්ද මහා විදුහල් කණ්ඩායම සමත් එම ඉසව්වේ බාලිකා තෙවැනි ස්ථානයද එම විදුහලට හිමිවිය.

බාලක අවසන් තරගයේදී තියුණු තරගයකින් අනතුරුව මැදබැද්ද විදුහල ගෝල් 12-11කින් මොරටුව වේල්ස් කුමර විදුහල හමුවේ පරාජයට පත්විය.

එම තරගාවලියේ 20න් පහළ බාලිකා තෙවැනි ස්ථානය හිමිකර ගැනීමට මැදබැද්ද විදුහල් පිල සමත්විය. ඔවුන් නොකඩවා වසර 06ක්ම එම තරගයෙන් ශූරතාව දිනාගෙන අපරාජිත බව රැකගෙන සිටියේ. එම කණ්ඩායමේ සිටි දක්ෂ ක්‍රීඩිකාවන් කිහිපදෙනෙක් මෙවර තරග නොකිරීම එම පසුබැසීමට හේතු වූ බව විදුහල්පති එම්.ඩබ්ලිව්.යූ.එම්.වයි.බී.නුගහපොල මහතා හා ක්‍රීඩා උපදේශකා එල්.බී.ආර්.පරේරා මහත්මිය පැවසූහ. අඩු පහසුකම් මැද පුහුණුවීම් කර මෙවන් ජයග්‍රහණ ලැබීම සුවිශේෂී සිද්ධියක් බව ඔවුහු පැවසූහ.

ගලේවෙල මධ්‍යම සමූහ - පී.ජී.ගුණතිලක

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();