Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ටෙස්ට් තරගමාලාවට ශ්‍රී ලංකා පිල නම් කරයි

Author(s): 
ෆවුස් මොහොමඩ්

මැතිව්ස් යළි කණ්ඩායමට

කොදෙව් කණ්ඩායම සමග පැවැති ටෙස්ට් තරගය අතරතුර පන්දුව පළුදු කිරීමේ චෝදනාවට හසුවූ දිනේෂ් චන්දිමාල්ට එරෙහිව අයි.සී.සී.යේ අවසන් තීන්දුව ප්‍රකාශය පත් කිරිමට නියමිත තිබීමේ අවදානම සහිතව ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව විසින් සංචාරක දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගමාලාව සඳහා නායකත්වයට දිනේෂ් චන්දිමාල් ඊයේ නම් කරනු ලැබුවේය.

චන්දිමාල් ඇතුළු පුහුණුකරු චන්දික හතුරුසිංහ සහ කළමනාකරු අසංක ගුරුසිංහ පිළිබඳ අයි.සී.සී.යේ අවසන් තීන්දුවද මේ මස 10 වැනිදා ප්‍රකාශයට පත්කිරීමට නියමිත අතර දකුණු අප්‍රිකාව සමග පළමු ටෙස්ට් තරගය ගාල්ලේදී ආරම්භ වන්නේ ඊට පසුදිනය.

පෞද්ගලික හේතුවක් මත කොදෙව් සංචාරය අතරතුර නැවත ශ්‍රී ලංකාවට පැමිණි ඇන්ජෙලෝ මැතිව්ස් නැවත කණ්ඩායමට ඇතුළත්වී සිටින අතර ශාරිරික යෝග්‍යතාව මත තෝරාගැනීමට අවධානය යොමු කරමින් කුසල් ජනිත් පෙරේරා සහ රංගන හේරත් ද මේ සංචිතයට ඇතුළත් කර තිබේ.

ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතාගේ අනුමැතිය යටතේ තෝරාගත් ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය මෙසේය.

දිනේෂ් චන්දිමාල් (නායක), සුරංග ලක්මාල් (උපනායක), ඇන්ජෙලෝ මැතිව්ස්, දිමුත් කරුණාරත්න, කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත් පෙරේරා, ධනුෂ්ක ගුණතිලක, ධනංජය ද සිල්වා, රොෂේන් සිල්වා, නිරෝෂන් දික්වැල්ල, රංගන හේරත්, ඩිල්රුවන් පෙරේරා, අකිල ධනංජය, ළහිරු කුමාර, ලක්ෂාන් සඳකැන්, කසුන් රාජිත.

අතිරේක ක්‍රීඩකයන් - අසිත ප්‍රනාන්දු, දසුන් ශානක, මාලින්ද පුෂ්පකුමාර, ශෙහාන් ජයසූරිය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();