බැංකොක් තරුණ පිහිනුම් සමාජය මගින් සංවිධාන කරන 19 වැනි පුතනාන් පිහිනුම් තරගාවලියට සහභාගිවීම සඳහා පසුගස්කන්ද යොෂිඩා පිහිනුම් පාසලේ 11 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් අද (6) දිවයිනෙන් පිටත්ව යයි.
තරගාවලිය හෙට (7) සහ අනිද්දා (8) දෙදින පැවැත්වෙයි. මේ කණ්ඩායමට ක්‍රීඩකයන් 9 දෙනකු සහ ක්‍රීඩිකාවන් දෙදෙනකු ඇතුළත්ව සිටිති.
චනුදා ජනිත් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන අතර උප නායකයා ලෙස රහල් නිරංජන් කටයුතු කරයි. පසිඳු ගිම්හාන, පවන් චාමිකර, අසේන් අයිසෙක්, සිතුම් පැහැසර, කෙහෙසාන් පසිඳු, කවිරාජ් මධුසංක, අමායා සයිනි හා රශ්මි රියානා මේ කණ්ඩායමට ඇතුළත්ව සිටිති.
ජ්‍යෙෂ්ඨ පිහිනුම් උපදේශක ඩබ්.තිලක් රත්නකුමාර මහතා ද මේ සංචාරයට එක්වෙයි.
මල්වාන සමූහ
0 Comments