බදුල්ලේ පැවැති සමස්ත ලංකා පාසල් සහය දිවීමේ තරගාවලියේදී මීටර් 200 සහය දිවීමේ නව පාසල් වාර්තාවක් බිහි කිරීමට නාවල ජනාධිපති බාලිකා විදුහලේ 14න් පහළ ක්රීඩිකාවේ සමත් වූහ. වෙනුකි තරින්සා ලියනගේ, චාරුණී ප්‍රසංගිකා, රෙහානා ස්මයිල් හා බ්‍රිට්නි සකීරා ජිනාදී මෙම නව වාර්තාව බිහිකළහ.
මෙයට අමතරව 12න් පහළ මීටර් 100 සහය දිවීමේ කණ්ඩායමේ දිනිති යෂීමා, සහන් දියෙන්සා, දර්ශනා හා අකිත්යා ජේම්ස් 16න් පහළ මිශ්‍ර සහය දිවීමේ තරගයේදී කවිදි සංජනා, ඉනෝෂී, හිරුනි, විදර්ශනා හා නෙත්මී ඩයස් යන ක්‍රීඩිකාවෝ දස්කම් දැක්වූහ.
0 Comments