Ticker

6/recent/ticker-posts

Header Ads Widget

බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ඉල්ලා අස් වෙයි

බ්‍රිතාන්‍ය විදේශ ලේකම් බොරිස් ජොන්සන් සිය පදවියෙන් ඉල්ලා අස්වී ඇතැයි විදෙස් වාර්තා පවසයි.

ඒ බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීමේ ක්‍රියාදාමය සම්බන්ධයෙන් මතු වී තිබෙන දේශපාලන අර්බුදය හමුවේය.

විදේශ ලේකම්වරයා ඉල්ලා අස්වූයේ බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීම (බ්‍රෙක්සිට්) සම්බන්ධ අමාත්‍ය ඩේවිඩ් ඩේවිස් ඉල්ලා අස්වීමෙන් පැය කිහිපයකට පසුවය.

අගමැතිනි තෙරේසා මේ ඉදිරිපත් කළ බ්‍රෙක්සිට් සම්බන්ධ සිය සැලසුම බොහෝ මන්ත්‍රීවරුන්ගේ කෝපයට හේතු වී සිටින බවයි එරට වාර්තා පවසන්නේ.

එමෙන්ම බොරිස් ජොන්සන් සිය ඉල්ලා අස්වීම නිවේදනය කළේ අගමැතිනිය සිය සැලසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට විනාඩි 30 කට පසුවයි.

හිටපු විදේශ ලේකම්වරයාට ස්තුතිය පුදකරමින් නිවේදනයක් නිකුත් කළ අගමැති කාර්යාලය, ඉක්මනින්ම නව විදේශ ලේකම්වරයෙකු පත්කරන බව දැනුම් දුන්නේය.

බොරිස් ජොන්සන්ගේ ඉල්ලා අස්වීම "ඉතා අපහසු සහ දුෂ්කර තත්වයකට" පත්ව සිටි අගමැතිනි තෙරේසා මේ, "දරුණු අර්බුදයක්" දක්වා ඇද දැමීමට "ඉඩ තිබෙන" බව දේශපාලාන කටයුතු පිළිබඳ බීබීසී සංස්කාරකවරිය ලෝරා කුසේන්බර්ග් පවසයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();