බරපතල මූල්‍ය වංචා සම්බන්ධයෙන් වන නඩු විභාග කිරීම සඳහා වන පළමු ත්‍රිපුද්ගල මහාධිකරණය ජූලි මස දෙවැනි සතියේදී ආරම්භ කිරීමට නියමිත බව සඳහන් වේ. එම අධිකරණයේ දිනපතා විභාග කිරීම සඳහා සුදුසු නඩු 5ක්ද මේ වන විට නීතිපති දෙපාර්තමේන්තුව විසින් තෝරාගෙන ඇතැයිද ආරංචි මාර්ග සඳහන් කර සිටී.
කොළඹ උපරිමාධිකරණ සංකීර්ණය ඉදිරිපිට මෙතෙක් රථවාහන අධිකරණය පිහිටි ශාලාවෙහි මෙම ත්‍රිපුද්ගල මහාධිකරණය ආරම්භ කිරීමට නියමිත බවත් එහි ප්‍රතිසංස්කරණ කටයුතු නාවික හමුදාව අතින් මේ වන විට ඉටුවන බවත් සඳහන් වේ.එමෙන්ම ජූලි 12 වනදා එම වැඩකටයුතු අවසන් කොට අධිකරණ අමාත්‍යාංශයට භාරදීමට නියමිත බවත් මෙම අධිකරණය සඳහා අවශ්‍ය මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනාද මේ වන විට අගවිනිසුරුවරයා විසින් නම් කර ඇති බවත් වැඩිදුරටත් සඳහන් වේ.
The post ත්‍රිපුද්ගල උසාවිය එයි. appeared first on Lanka News Column.
0 Comments