Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මිල සූත්‍රය ජනතාවගෙන් සඟවා ඉන්ධන මිල ඉහළ දැමීම හෙලා දකිනවා – පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය.

National_Movement _for_Consumer_Rights_Protectionin

මිල සූත්‍රය අනුව ඉන්ධන මිල ක්‍රියාත්මක කරන බව කී රජය මිල සූත්‍රය ජනතාවට නොපෙන්වා 2018/07/05 දින මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දැමීමට කටයුතු කිරීම දැඩිව හෙළා දකින බවත්, මෙරට ජනතාවට ඉන්ධන මිල සූත්‍රය කුමක්දැයි බලා ගත හැකි අකාරයට මිල සූත්‍රය ප්‍රසිද්ධ කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටී.

එමෙන්ම රාජ්‍ය දූෂණය ඉහවහා ගොස් ඇති මෙම අවස්ථාවේ එම දූෂණ නැවැත්වීම සදහා පිළියම් නොකරන රජය දිනෙන් දින ජනතාව පීඩාවට පත් කරමින් භාණ්ඩ හා සේවා මිල ඉහළ දැමීම සදහා කටයුතු කරමින් සිටින බවත් මෙරට මැති ඇමතිවරැන් සුර සැප විදිද්දී ඔවුන් බලයට පත් කල ජනතාව එදා වේල සොයා ගැනීම සදහා දැඩි සටනක නියැලීමට සිදුව ඇති බවත් ඔවුන් කියා සිටී.

ඉතා කෙටිකාලයක් තුළ දෙවතාවක් ඉන්ධන මිල වැඩි කිරීමෙන් රජයේ කළමනාකරන හැකියාව මැනවින් ඉස්මතු වී ඇති අතර විෂය පිළිබදව මෙ‌ලොව දැනුමක් නොමැති ඇමතිවරු හා රාජ්‍ය නිළධාරීන් ලක්ෂ ගණනාවක් කොමිස් ගනිමින් ජනතාවගේ මුදල් මහදවල් කොල්ල කෑම නිසා දිනෙන් දිනම ලංකාව ආර්ථික අගාදයකට ඇද දමමින් සිටින බව කිසිවෙකුටත් තේරුම් ගැනීමට නොහැකි වී ඇත්තේ රජය විසින් ජනතාවට කථා කීරීම සදහා විවිධ මාතෘකා විටින් විට කරළියට ගෙන ඒම නිසා බව විශ්වාස කරන බවත් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සඳහන් කර සිටී.

කෙසේ වෙතත් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය වැඩිදුරටත් එම නිවේදනය මඟින් රජයෙන්  ඉල්ලා සිටින්නේ ඉන්ධන මිල සූත්‍රය වහා ජනතාවට බලා ගැනීම සදහා  ප්‍රසිද්ධියට පත්කරන ලෙසය.

The post මිල සූත්‍රය ජනතාවගෙන් සඟවා ඉන්ධන මිල ඉහළ දැමීම හෙලා දකිනවා – පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();