Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පාසල් සහ ඉදිකිරීම් කළාප ඩෙංගු මදුරුවන් වැඩියෙන්ම බෝවන ස්ථාන බවට හදුනාගැනේ.

Rajitha-senarathna
කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් ආශ්‍රිතව සිදු කළ කීට විද්‍යා සමීක්ෂණය පිළිබද විශ්ලේෂණ රැස්වීමක් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැතිවිනි.
2016 පළමු මාස 06 තුල ඩෙංගු රෝගයට ගොදුරු වූවන් 26,000 ක් සොයාගෙන ඇති අතර, 2018 පළමු මාස 06 තුල එවැනිම රෝගීන් සංඛ්‍යාවක් හමු වී තිබීම නිසා රෝගීන් වාර්තා වීමේ පහළයාමක් දක්නට ඇත. කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක වලින් අඩුම වශයෙන් රෝගීන් වාර්තා වී තිබේ.
2017 වසරේ ජුලි මාසයේ රෝගීන් 45,000 ක් පමණ වාර්තා වුවත්, මෙම වසරේ ජුලි මාසයේ ගත වූ කාලය තුල හමු වී ඇති රෝගීන්ගේ සංඛ්‍යාව 1309 කි.  2018 වසරේ මේ වනවිට රෝගීන් 27,523 ක් වර්තා වී ඇත.
පාසල් සහ ඉදිකිරීම් කළාප වල ඩෙංගු මදුරුවන් වැඩි වශයෙන් බෝවන බවට හදුනාගෙන ඇත. එම නිසා පාසල් පවිත්‍ර කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් සෞඛ්‍ය සහ අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධව ආරම්භ කර ඇත. ඉදිකිරීම් කළාප 4000 ක් ලංකාව තුල ඇති බව දැනට හදුනාගෙන ඇත. එම ඉදිකිරිම් කළාපවල මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීම සදහා විශේෂ වැඩපිළිවෙළක් දියත් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා  උපදෙස් ලබා  දී  ඇත. පාසල්වල අබලි ද්‍රව්‍ය ඉවත් නොකිරීම ද ඩෙංගු රෝගය ව්‍යාප්තවීමට බලපා ඇති බව කීට විද්‍යා සමීක්ෂකයින් මෙහිදි පෙන්වා දුන්හ. කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් 56 ක් පරීක්ෂා කර ඇති අතර, ඇතැම් පාසල්වල සීමාව සදහා සිටුවා ඇති උණබට සහ පයිය බට වල ද ඩෙංගු මදුරුවන් බෝවන බව සොයාගෙන තිබේ.  පාසල්වල ඩෙංගු මදුරු මර්දන කමිටු සක්‍රීය කළ යුතු බවට ද මෙහිදී යෝජනා කෙරිනි. කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රධාන පෙළේ පාසල් රැසක ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන හදුනා ගත් බව කීට විද්‍යා සමීක්ෂකයින් සදහන් කළහ. ඩෙංගු මදුරු මර්දන කටයුතු සදහා බදවා ගත් ක්ෂේත්‍ර නිලධාරීන් 1500 සදහා පුහුණුවක් සහ තවත්  දීමනාවක් ලබාදීමට ද මෙහිදී යෝජනා විය. මදුරු මර්දන කටයුතු සදහා තවත් වාහන 50 ක් ලබාගැනීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
 
මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ , නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් සරත් අමුණුගම , ජාතික ඩෙංගු මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ හසිත තිසේරා , අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞඛ්‍ය පිළිබද අධ්‍යක්ෂිකා රේණුකා පිරීස්  ඇතුලු නිලධාරීන් රැසක් එක්ව සිටියහ. මේ අතර ඩෙංගු මර්දන වැඩසටහන් සදහා ශ්‍රී ලංකා රොටරි සමාජයේ සහ ජාත්‍යන්තර රොටරි සමාජයේ සහයෝගය ලබාගැනීම සදහා වූ ගිවිසුම් අත්සන් කිරීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න ගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පසුගියදා සිදු කරන ලදි. මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් ජනක සුගතදාසද එක්ව සිටියේය.

The post පාසල් සහ ඉදිකිරීම් කළාප ඩෙංගු මදුරුවන් වැඩියෙන්ම බෝවන ස්ථාන බවට හදුනාගැනේ. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();