Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අත්‍යවශ්‍ය භාණ්ඩ 27ක මිල පහළ දැමීමෙන් දින තුනකදී සතොස ආදායම 102%කින් ඉහළට

අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ වර්ග 27ක මිල පහළ දැමීමත් සමඟ දින තුනක් ඇතුළත සතොස ආදායම වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇත. මෙම පාරිභෝගික භාණ්ඩ 27හි මිල පහළ දමමින් පාරිභෝගික ජනතාව වෙත භාණ්ඩ නිකුත් කිරීම ඇරඹීමට පෙර දිනයේ රු.මිලියන 82ක දෛනික පිරිවැටුමක් වාර්තා කරන ලද සතොස ආයතනය විසින්, මෙම සහන සැලසීමෙන් දින තුනක් තුළදී එනම් පෙබරවාරි 10 වැනි දිනය වන විට දෛනික පිරිවැටුම වශයෙන් රු.මිලියන 166ක වාර්තාගත ආදායමක් සටහන් කර තිබේ.

වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සංකල්පය පරිදි වෙළෙඳ අමාත්‍යාංශය මඟින් දේශීය නිෂ්පාදකයා හා ඍජු ආනයනකරුවා සමඟ ගිවිසුම්ගතව ඉදිරි මාස තුනක් සඳහා මිල නිර්ණය කිරීමෙන් පාරිභෝගික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමටත්, ඍජු සැපයුම්කරුවා ආරක්ෂා කිරීමටත් ගන්නා ලද පියවර මඟින්, යහපාලනය විසින් ගොදුරු කරගත් සතොස ආයතනය නැවත නඟා සිටුවීම සඳහා මූලික අඩිතාලමක් වනු ඇතැයි වෙළෙඳ අමාත්‍යාංශය කියා සිටියි.

අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මේ පිළිබඳ සතොස සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ඇතුළු දිවයින පුරා සියලුම සතොස අලෙවිසල්වල සේවයෙහි නියුතු නිලධාරීන් වෙත සිය ස්තුතිය පළකරමින් මෙම ව්‍යාපෘතියේ සාර්ථකත්වය සඳහා උර දෙමින් කටයුතු කිරීම පිළිබඳ සිය ප්‍රශංසාව ද පළ කළේය.

අනුර ප්‍රේමලාල් 

Post a Comment

0 Comments