Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඒකාබද්ධයේ මන්ත්‍රීවරු, විපක්ෂයේ බලය ඉල්ලයි.

JOINT_OPPOSITION_

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 68 දක්වා වැඩිවී ඇති බැවින් තම කණ්ඩායම පාර්ලිමේන්තුවේ විපක්ෂය ලෙස පිළිගන්නැයි කතානායකවරයාගෙන් ඉල්ලීමක් කිරීමට තීරණය කර ඇති බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා ප්‍රකාශ කර ඇත. ඊට අදාළ ලිපි ලේඛන සකස් කරමින් පවතින බවත් ඉදිරි පාර්ලිමේන්තු වාරයේදී එය බාර දීමට සූදානම් බවත් මන්ත්‍රීවරයා පෙන්වා දී ඇත.

දයාසිරි ජයසේකර සහ එස්.බී දිසානායක මන්ත්‍රීවරුන් දෙදෙනා සමඟ ඒකාබද්ධ විපක්ෂය ලෙස කිසිදු සම්බන්ධතාවයක් නොමැති බවත් එම මන්ත්‍රීවරුන් දෙදෙනා සාකච්ඡා සඳහා පැමිණි බවත් ඔවුන් නිත්‍ය සාමාජිකයින් ලෙස පිළිනොගන්නා බවත් මන්ත්‍රීවරයා සඳහන් කර ඇති අතර  එම මන්ත්‍රීවරුන් දෙදෙනා නිවැරදි ස්ථාවරයක, කිසිදු ප්‍රතිපත්තියක සිටින මන්ත්‍රීවරුන් නොවන බවත් පෙන්වා දෙන  මන්ත්‍රීවරයා ඔවුන්ට හොඳ ඇමැතිකමක් දුන්නොත් ආණ්ඩුවට එක්වන බවත් පවසා ඇත.

ශ්‍රීලනිපයේ 16 කණ්ඩායමේ දයාසිරි ජයසේකර සහ එස්.බී. දිසානායක මන්ත්‍රීවරුන් හැර අනෙක් මන්ත්‍රීවරුන් සියල්ල ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන බවත් ඔවුන් රැස්වීම්වලටද සහභාගී වන බවත් ඔහු සඳහන් කර තිබේ.

එමෙන්ම මේ වන විට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන්නේ මන්ත්‍රීවරුන් 68 දෙනෙකු බවත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් ලෙස විපක්ෂයේ වාඩි වී සිටින බවත් පාර්ලිමේන්තුව තුළ එකඟතාවයෙන් යුක්තව ආණ්ඩු විරෝධීව ඒකාබද්ධව කටයුතු කරන බවත් ඔහු ප්‍රකාශ කර ඇත.

පසුගියදා බැසිල් රාජපක්ෂසමඟ පැවැති සාකච්ඡාවේදී ශ්‍රීලනිපයේ 16 කණ්ඩායම පොහොට්ටුවෙන් තරඟ කිරීමට එකඟතාවයකට නොපැමිණි බවත් ඔවුන් ආණ්ඩු විරෝධි ගෙනයන වැඩපිළිවෙලට සහය දෙන බවටත්, පාර්ලිමේන්තුව තුළ සහයෝගීව කටයුතු කරන බවටත් එකඟ වූ බවත් ඒකාබද්ධ විපක්ෂයේ වැඩපිළිවෙල අනුමත කළ බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා තිබේ.

The post ඒකාබද්ධයේ මන්ත්‍රීවරු, විපක්ෂයේ බලය ඉල්ලයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();