Ticker

6/recent/ticker-posts

Header Ads Widget

දුම්රිය ස්ථානාධිපතිගේ බීමත්කමින් දුම්රිය රැසක් ප්‍රමාද වෙලා

බීමත් දුම්රිය ස්ථානාධිපතිවරයකු නිසා උතුරු ඉන්දීය උත්තර් ප්‍රදේශ්හි දුම්රිය රැසක් ප්‍රමාද වී ධාවනය කිරීමට සිදු වූ බව ඉන්දීය දුම්රිය පාලනාධිකාරිය පවසයි. දුම්රිය පාලක මැදිරිය විසින් අඛණ්ඩව ලබා ගන්නා දුරකතන ඇමතුම්වලට මේ දුම්රිය ස්ථානාධිපතිවරයා ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් දුම්රිය පාලක මැදිරිය දැඩි අපහසුතාවකට පත් වී තිබේ. දීප් සිං නමැති මේ පුද්ගලයා සොයා නිලධාරියකු දුම්රිය පොළ වෙත පැමිණෙද්දී ඔහු නින්දේ පසු වී ඇත්තේ හිස් මත්පැන් බෝතල් කිහිපයක් ද පසෙක තබාගෙනය. ඔහු පිළිබඳ පැවැත්වූ වෛද්‍ය පරීක්ෂණයේ දී රුධිරයේ ඉහළ ඇල්කොහොල් මට්ටමක් පැවති බව තහවුරු වී ඇත.

කෙසේ වුවත් ඔහුගේ මේ ක්‍රියා කලාපය හේතුවෙන් දුම්රිය මගීන් දහස් ගණනක් අපහසුතාවට පත් වී ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි. ඉන්දියාවේ ජනගහනයෙන් වැඩි පිරිසක් සිය ප්‍රවාහන කටයුතු සපුරා ගන්නේ දුම්රිය ප්‍රවාහන සේව‍යෙනි. මේ දුම්රිය පොළ හරහා විශාල දුම්රිය ප්‍රමාණයක් ධාවනය වන අතර ඉන්දියාවේ මිලියන 22කට අධික පිරිසක් දිනපතා දුම්රිය 9,000ක් පමණ සිය ගමන් බිමන් සඳහා යොදා ගනී.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();