බංග්ලාදේශයේ සංචාරයක නිතරවන ශ්‍රී ලංකා ‘ඒ’ එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා පත්කර තිබේ.
බංග්ලාදේශ ‘ඒ’ පිලට එරෙහිව පැවැති තරග 3කින් සමන්විත සිවුදින තරගාවලියේ ශ්‍රී ලංකා ‘ඒ’ පිලේ උප නායකයා ලෙස නම් කර සිටි දසුන් ශානක නැවතත් එක්දින කණ්ඩායමේ උප නායකයා ලෙසින් මේ තරගාවලියට එක්කර තිබේ.
ඔහු සිවුදින තරගාවලිය අතරතුරදී යළි කැඳවා බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහි ටෙස්ට් තරගාවලියේදී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට එක්කර ගත්තේය.
දකුණු අප්‍රිකානු එක්දින තරගාවලියට පෙර පුහුණුවක් ලබාදීමේ අරමුණින් ජ්‍යෙෂ්ඨ පිතිකරු උපුල් තරංග ද ක්‍රීඩා ඇමැතිවරයා අනුමත කළ 15 දෙනකුගෙන් යුත් මේ සංචිතයට ඇතුළත්ව සිටී.
බංග්ලාදේශ ‘ඒ’ පිලට එරෙහි සිවුදින තරගාවලියේදී පිත්තෙන් දස්කම් දක්වමින් තරගාවලියේ වීරයාවූ ළහිරු තිරිමාන්න, පන්දුවෙන් දස්කම් දැක්වූ මලින්ද පුෂ්පකුමාර සහ තුන් ඉරියව් දස්කම් පෑ ෂෙහාන් ජයසූරිය සමගින් අශාන් ප්රියංජන්, චරිත් අසලංක, සම්මු අශාන්, සධීර සමරවික්‍රම, ෂෙහාන් මධුසංක සහ නිශාන් පීරිස්ද එක්දින සංචිතයට නම් කර තිබේ.
එම ක්‍රීඩකයන්ට අමතරව එක්වන ක්‍රීඩකයන් අද (13) දිවයිනෙන් පිටත්ව යෑමට නියමිත අතර මේ දිනවල එංගලන්තයේ පැවැත්වෙන දේශීය විස්සයි20 ක්‍රිකට් තරගාවලියට එක්වන සිටින තිසර පෙරේරා බංග්ලාදේශයේදී ශ්‍රී ලංකා පිලට එක්වෙයි.
තරගාවලියේ පළමු තරග මේ 17 වැනිදා පැවැත්වෙන අතර දෙවැනි තරගය 19 වැනිදාත්, තෙවැනි තරගය 22 වැනිදාත් පැවැත්වෙන්නේ සිලෙට්හිදීය.
ශ්‍රී ලංකා ‘ඒ’ සංචිතය : තිසර පෙරේරා (නායක), දසුන් ශානක (උප නායක), උපුල් තරංග, ළහිරු තිරිමාන්න, ෂෙහාන් ජයසූරිය, අෂාන් ප්රියංජන්, සධීර සමරවික්‍රම (කඩුලු රකින්නා), චරිත් අසලංක, සම්මු අෂාන්, මිනෝද් භානුක (කඩුලු රකින්නා), මාලින්ද පුෂ්පකුමාර, නිෂාන් පීරිස්, ෂෙහාන් මධුෂංක, අසිත් ප්‍රනාන්දු සහ ඉසුරු උදාන
අතිරේක ක්‍රීඩකයන් - විශ්ව ප්‍රනාන්දු, චතුරංග ද සිල්වා, චාමික කරුණාරත්න
0 Comments