Ticker

6/recent/ticker-posts

Header Ads Widget

හිල්ටන් හෝටලයෙන් ලෝක කුසලාන තරගාවලියේ සජීවි අත්දැකීම්

Author(s): 
ෆවුස් මොහොමඩ්

රුසියාවේ පැවැත්වෙන පාපන්දු ලෝක කුසලාන තරගාවලිය සමස්ත ලොවම උද්වේගයෙන් හා උණුසුමෙන් පුරවා දැමීමට සමත්වී ඇත. පෙරේදා රාත්‍රී පැවැති අවසන් පූර්ව තරගයෙන් එංගලන්තය ගෝල 2-1කින් ක්‍රොඒෂියාව හමුවේ පරාජයට පත්වීම නිසා අවසන් තරගය අනාවැකි පළ කළ නොහැකි තර‍මේ තියුණු මුහුණුවරක් ගෙන තිබේ. ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ උද්වේගය ශ්‍රී ලංකාවේ ක්‍රීඩාලෝලීන් අතරත් දැඩි උණුසුමක් ඇති කරවීමට සමත්වූ එකකි. ‍

ඊට කදිම පසුබිමක් නිර්මාණය කරමින් කොළඹ හිල්ටන් හෝටලයේ 'පූල් සයිඩ් රෙස්‍ටූරන්ට් Il Ponte අවන්හල් පරිශ්‍රය අසළ සවිකළ දැවැන්ත රූපවාහිනි තිරය ඔස්සේ ලෝක කුසලාන තරගාවලිය‍ සජීවිව නැරැඹීමේ පහසුකම් මෙරට ක්‍රීඩාලෝලීන්ට ලබාදීමටත්, එහි අමතක නොවන අත්දැකීම් විඳ දරාගැනීමටත් ඉඩ ලබාදීමට කටයුතු යොදා තිබුණේ ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ආරම්භ වූ පසුගිය ජූනි මාසයේ 14 වැනිදා සිටය.

තරග අත්දැකීම් සජීවිව විඳ ගන්නා අතරතුර රිසි සේ ආහාර පාන ලබාගැනීමේ පහසුවත් සලසා දෙමින් Il Ponte අවන්හල් පරිශ්‍රය ක්‍රීඩාලෝලින්ගේ සියලු අවශ්‍යතා සපුරාලීමට සැදී පැහැදී සිටී. මේ වනවිට අතිවිශාල ක්‍රීඩාලෝලීන් පිරිසකගේ ආකර්ශනීය ස්ථානයක් බවට පත්වූ Il Ponte අවන්හල් පරිශ්‍රය ලබන 15 වැනිදා රාත්‍රි 8.30ට පැවැත්වීමට නියමිත ප්‍රංශය හා ක්‍රොඒෂියාව අතර අවසන් මහා තරගය සඳහා සියලු කටයුතු සුදානම් කර තිබේ. තරගය සජීවිව නරඹන අතරතුර සිය ප්‍රියතම ආහාර පාන ගැනීමේ පහසුකම් ද ඉහළින්ම පිළියෙළ කර තිබේ. අඩි 24 12 ප්‍රමාණයේ දැවැන්ත රූපවාහිනි තිරය ඔස්සේ තරගය සජීවිව නරඹන ප්‍රේක්ෂකයන්ට රුසියානු ගෘහනිර්මාණ ආකෘතියට අනුව සකස් කළ පාපන්දු ගම්මානයේ ස්වරූපය පිළිබිඹු වන මේ ස්ථානයේ සිට සිත් ගත් කණ්ඩායම වෙනුවෙන් ඔල්වරසන් දෙමින් තරගය පැවැත්වෙන ක්‍රීඩාංගණයේ අත්දැකිම් අතරට එක්වීමට ද අවස්ථාව ලැබී තිබේ.

තරග පැවැත්වෙන සෑම දිනයකදීම ඒ සඳහා මිලදී ගත් ටිකට්පත්වලට විශේෂ දිනුම් ඇදීමක් ද සිදුකෙරෙන අතර දිනුම්ලාභීන්ට ත්‍යාග වවුචර්, පාපන්දු සහ රාත්‍රි ආහාර කූපන් පත් පිරිනැමීමට කටයුතු යොද තිබිණි. අවසන් මහා තරගයේ සජීවි අත්දැකීම් විඳ ගැනීමට අතිවිශාල ක්‍රීඩා‍‍‍ලෝලින් පිරිසක් මේ වනවිටත් සියලු ටිකට්පත් මිලදී ගෙන අවසන්ය. එහෙත් ක්‍රීඩා‍ලෝලින්ගේ දැඩි ඉල්ලුම අනුව හිල්ටන් හෝටලයේ ප්‍රධාන ශාලාව අසළ තවත් දැවැන්ත රූපවාහිනි තිරයක් සවිකර අවසන් මහා තරගය නැරැඹීමේ පහසුකම් ලබාදීමට පියවර ගෙන තිබේ. මෙවර පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ සජිවි අත්දැකීම් විඳ ගැනීමට Il Ponte අවන්හල ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලධාරින්ට, ජාතික තලයේ ක්‍රීඩකයන්ට ඒ සඳහා අවස්ථාව නොමිලේ ලබාදීමට පියවර ගෙන තිබේ.

රුක්මාල් ගමගේ සහ ශාන් රඹුක්වැල්ල

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();