Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පාලකයන් විසින් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදි අයිතිවාසිකම් උදුරාගන්නා බව දුමින්ද නාගමුව කියයි.

FLSP_PRESS

අපරාධ නැවැත්වීම සදහා මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට ඇතැම් පාර්ශ්ව ගෙන යන ඝෝෂාව හරහා ඇත්තටම සිදුවන්නේ පාලකයන් විසින් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදි අයිතිවාසිකම් උදුරාගැනීම බවත්, ප්‍රශ්නය වෙන්නෙ ඒ් ප්‍රජාතන්ත්‍රවාදි අයිතිවාසිකම් උදුරාගන්නා ලෙස පාලකයන්ට බල කරන්නෙත් ඒ් අයිතිවාසිකම් බුක්ති විදින ජනසමාජයේම කොටසක් බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව ප්‍රකාශ කර සිටී. ඔහු මෙලෙස පවසා සිටියේ, මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට ගත් කැබිනට් තීරණය  පිළිබද මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දුමින්ද නාගමුව,

“රටතුළ අපරාධ සිදුවීම් වැඩි වෙමින් පවතින බවට වාර්තා වෙමින් තිබියදී ඒයට පිළියම් ලෙස මරණ දඩුවම නීතිගත කිරීමට ඇමති මණ්ඩලය තීරණය කර තිබෙනවා. නමුත් වාර්තාවන අපරාධ පිළිබද පමණයි. දෛනිකව සිදුවන අපරාධ සිදුවීම් වාර්තා හරහා පමණක් අපරාධ සම්බන්ධ නිගමනයකට පැමිනිය නොහැකියි. ඒ් වගේම මෙවැනි අපරාධ මැඩ පවත්වන අදහසින් සිදුකරන බව කියන පියවර හරහා මේ දක්වා මිනිස් සමාජය අත්පත් කරගත් ඇතැම් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් පවා අහිමි කිරීමේ තත්වයක් උදා වන බවද පෙනෙන්නට තිබෙනවා. මේ ආකාරයට අපරාධ නැවැත්වීම සදහා මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට ඇතැම් පාර්ශ්ව ගෙන යන ඝෝෂාව හරහා ඇත්තටම සිදුවන්නේ පාලකයන් විසින් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදි අයිතිවාසිකම් උදුරාගැනීමයි. ප්‍රශ්නය වෙන්නෙ ඒ් ප්‍රජාතන්ත්‍රවාදි අයිතිවාසිකම් උදුරාගන්නා ලෙස පාලකයන්ට බල කරන්නෙත් ඒ් අයිතිවාසිකම් බුක්ති විදින ජනසමාජයේම කොටසක්. ඔවුන් ඉල්ලන ඉල්ලිම් හරහා සමස්ත සමාජයේම අයිතිවාසිකම් උල්ලංඝනය වෙනවා.

මේ රටේ මරණ දඩුවම ක්‍රියාත්මක වීම නැවතුනේ 1976 සැප්තැම්බර් 23 වැනිදා සිට. මේ දක්වා මරණ දඩුවම නීතියෙන් නියම කරන ලද පුද්ගලයන්ට ඒම දණ්ඩනය ක්‍රියාත්මක නොවී තවමත් ඔවුන් සිරගතව ජීවත්වෙනවා. 1977 බලයට පක් වුණු ජේ.ආර්. ජයවර්ධනලා මේ දඩුවම ක්‍රියාත්මක කිරීම නැවැත්වුවේ සමාජයේ සුබසිද්ධිය, අයිතිවාසිකම් ගැන කල්පනා කරලා නෙවෙයි. ඒ්ක ඔවුන් විසින් දේශනා කරපු ධර්මිෂ්ට සමාජ වැඩපිළිවෙළට ගැලපෙන තීරණයක් විතරයි. ජේ.ආර්. පාලනය පටන් ගත්තෙ රට සිංගප්පූරුවක් කරනවා කියලා. ඒ් සදහා ගොඩක් දේවල් කළා තමයි. නමුත් සිංගප්පූරුවක් නම් වුණේ නෑ. මේ ආර්ථික ප්‍රතිසංස්කරණවලින් ලබාගන්න ආර්ථික ජයග්‍රහණ හරහා අපරාධකරුවන් නැති සමාජයක් බිහිවන බව කිව්වා. නමුත් දැන් අපේ සමාජයට හිමිව ඇත්තේ අපරාධ අධික තත්වයක්. අවුරුදු 40කට පස්සේ මේ සමාජ ආර්ථික ක්‍රමයෙන් හිමි වෙලා තියෙන ප්‍රතිපලය නිසා ඒ් ආර්ථික ක්‍රමය පිලිගත් සියලු දෙනාම ලබා ඇත්තේ දේශපාලන පරාජයක්. 1977 විවෘත ආර්ථිකය ලෙස ගෙන ආ ආර්ථික ප්‍රතිසංස්කරණලින් අත්කරගෙන තියෙන ප්‍රතිඵල මොනවද? මත්ද්‍රව්‍ය සම්බන්ධ ගැටලුව උත්සන්න වුණා, සමාජයීය ප්‍රචණ්ඩත්වය ඉහළ ගියා. විවෘත ආර්ථිකයෙන් සිදු වූ බරපතළම දේ තමයි සමාජ ප්‍රචණ්ඩත්වය ඉහළ ගියා. සොරකම් වර්ධනය වුනා. බල්ලො මරලා හරි සල්ලි හොයන ජිවන පරමාදර්ශ තමයි පරම්පරා ගානක් යනකං අදත් අපේ සමාජයෙන් ඉස්මතු කර පෙන්වන්නෙ.  1977 පරම්පරාවෙ දරුවන් මේ විදියට ඒල්ලා මැරීමට නියම කරන්න කලින් පොඩ්ඩක් ආපහු හැරිලා බලන්න කියලා අපි ජනසමායෙන් ඉල්ලා සිටිනවා. මොකද මරණ දඩුවම දෙන්න කියලා කෑගහලා ඒ්කෙන් ඔක්ක‌ොම හරි යනවා කියලා හිතනවා නම් ඒ්න බරපතළ වැරදීමක්.

දැන් මේ මරණ දඩුවම ගැන කතාකරද්දි ලෝකයෙ රටවල් 106ක්ම ඒ්ක අහෝසි කර තිබෙනවා. රටවල් 52ක් පමණයි මේ යල්පැන ගිය දණ්ඩනය පවත්වාගෙන යන්නෙ. මරන දඩුවම ක්‍රියාත්මක කිරීමෙදිත් විවිධ රටවල ආකාරය වෙනස්. යුරෝපයේ මරන දඩුවම ක්‍රියාත්මක කරන ඒකම රට බෙලෝරස්. සමහර රටවල් සිය නනක් මරණ දඩුවම යටතේ වාර්සිකව මරා දමන අතරෙ තවත් රටවල් මරන දඩුවමට කැප කරලා තියෙන්නෙ 1ක් හෝ 10කට අඩු ගණනක් බව 2017 සංඛ්‍යාලේඛන අනුව පෙනී යනවා. ඒක්සත් ජපදයෙ මරණ දඩුවම ක්‍රියාත්මක කරන ප්‍රාන්තවල කරන ලද සමීක්ෂනයකට අනුව මරණ දඩුවම නිසා අපරාධ අඩුවෙලා නෑ කියන නිගමනයක් තිබෙනවා. ලංකාවෙදි නම් ඒවැනි සමීක්ෂනයක් කරන්න හෝ ඒ් සම්බන්ධ විවෘතව බලන්න මේ පාලකයන් යොමු වෙන්නෙ නෑ. ඔවුන් කියන විදියට මේ සමාජය යහපත් කරන්න මිනිසුන් මරා දමන්නම වෙනවා. පහුගිය කාලෙ සැකකරුවන් මරා දමන්න කටයුතු කළා. මිනිසුන් මරලා සමාජයක අපරාධ අඩුකරන්න හෝ නැති කරන්න පුලුවන් කියලා හිතනවා නම් ඒ්ක, මිත්‍යාවක්, වංචාවක් ඒ් වගේම මුග්ධකමක්. දැන් කැබිනට් මණ්ඩලය විසින් මරණ දඩුවම ක්‍රියාත්මක කරන යෝජනවා ඒ්කමතිකව අනුමත කළ බවක් කියනවා. මහනායක හිමිවරුත් ඒ්ක නඅුමත කළා කියනවා. අපි දන්නෙ නෑ බෞද්ධ සම්ප්‍රදායට අනුව කොහොමද මේ වගේ තත්වයකට ඒකග වෙන්නෙ කියන ඒක. අවිහිංසාව ගැන කතාකරන ධර්මයක මරණය අනුමත කරන ඒක ගැන අපි අහලා නෑ.

අනික මේ දණ්ඩනය ක්‍රියාත්මක වෙන්නෙත් වර්තමාන පාලකයන්ට අවශ්‍ය ආකාරයට බව අපි වගකීමෙන් කියනවා. දැන් මේ දණ්ඩනය ක්‍රියාත්මක කරන්න යන පාලකයන් මීට කලින් අපරාධ සම්බන්ධව කටයුතු කරලා තියෙන ආකාරය අපට උදාහරණ හැටියට ගන්න පුලුවන්. ජේ.ආර් ජයවර්ධන ජනාධිපතිවරයා පාලනය කළේ මරණ ඩුවම ක්‍රියාත්මක නොකර වුණත් අපි දන්නවා කිසිදු නීතිමය ක්‍රියාවලියකින් තොරව මහමග මිනිස් ඝාතන සහිත භීෂනකාරි පාලනයක් ඔහුගෙ පාලනය නිසා ඇති වුණා. පාලකයන්ට ඒරෙහි වුණු දහස් ගණනක් කිසිදු වගවිභාගයකින් තොරව මරා දැමුවා. පහුගිය පාලන කාලයෙදිත් විවිධ හේතු යටතේ පුද්ලයන් මරා දමනු ලැබුවා. අපරාධ සහිත සමාජය නිර්මාණය කරන්නෙත් මේ සමාජ ආර්ථික ක්‍රමය පවත්වාගෙන යන පාලකයන්. ඒ් නිසා දැන් මේ දක්වා පාලකයන් විසින් විවිධ ආකාරයෙන් මරණය ක්‍රියාත්මක කළා. දේශපාලන විරුද්ධවාදින් දඩයම් කළ බව අපි දන්නවා. වෙනස තියෙන්නෙ දැන් නීතියට අනුව මරා දැමීම අනුමත කරපු ඒකයි. මේ දක්වාම ලෝකයට පේන්න ලංකාවෙ පාලකයන් මානව අයිතිවාසිකම් සම්බන්ධ විවිධ පියවරගත්තා. දැන් ලංකාව අත්සන් කර තිබෙන ‘සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ප්‍රඥප්තිය’ (ICCPR)ට අනුව ආණ්ඩුවකට මරණ දණ්ඩනය දෙන්න බලයක් තිබෙනවා. නමුත් ඒ් ප්‍රඥප්තියට අනුව මරණ දඩුවමක් දෙන්න නම්, පුරවැසියකුගෙ ජීවත්වීමේ අයිතිය තහවුරු කරන්න ඔ්. දැන් අපේ රටේ ව්‍යවස්ථානුකූලව සිතීමේ, අදැහිල්ලේ, භාෂණයේ නිදහස මේ වගේ දේවල් ගොඩක් තියෙනවා. නමුත් පුරවැසියකු හැටියට ජීවත්විමට ඇති අයිතිය මූලික අයිතිවාසිකමක්. මේ විදියට මරණය දඩුවමක් කරන්න කලින් ජීවත්වීමේ අයිතිය ව්‍යවස්ථාවට ඒකතු කරන්න ඔ්න. තවමත් අපේ රටේ ජීවත්විමේ අයිතිය මූලික අයිතිවාසිකමක් ලෙස පිළිගැනෙන නීති සකස්කරලා නෑ.

ආණ්ඩුව දැන් මුහුණ දෙමින් ඉන්න අරාජිකවාදී අබියෝගයට විසදුම් ලෙස මේ ආකාරයේ විවිධ සෙල්ලම් දානවා වෙන්න ඇති . නමුත් අපි කියනවා මේ ආණ්ඩුවේ අපරාධ මර්දන සෙල්ලම නිසා ජනතාවගේ අයිතිවාසිකම් උදුරාගැනීමයි සිදුවෙන්නෙ. අපිට මතකයි මහින්ද රාජපක්ෂ පාලනය කාලෙ පාතාලය මර්දනය කිරිම කියලා අපරාධකරුවන් බව හදුන්වමින් විශාල පිරිසක් මරා දැමුවා. තවත් පිරිසක් දැඩි ලෙස හිරිහැරවලට ලක් වුණා. ආයුධ පෙන්වන්න ගිහින් සැකකරුවන් විශාල පිරිසක් මරා දමනු ලැබුවා. ඒ්ක ඒක රටක් තුළ ඒක පාතාලයක් ඇතිකරන්න, පාතාලය ඒක ධජයක් යටතට ගන්න කළ වැඩක්. වෙනත් කල්ලිවල, පාර්ශ්වවල නායකයන්ට විරුද්ධ මත දරන ක්‍රියාකාරිකයන්ට මේ පාතාල මර්දනය නිසා ජිවිතය දෙන්න සිදු වුණා. දැන් මේ ආණ්ඩුවත් ඒ්කම කරන්න හදන්නෙ පාතාලය තමන්ට හීලෑ කරගන්න බව පැහැදිලියි.

ඒ් නිසා පෙරටුගාමී සමාජවාදී පක්ෂය වශයෙන් අපි මේ මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම සම්බන්දයෙන් අපේ මතය ස්ථිර ලෙස ප්‍රකාශ කරනවා. අපරාධ අහෝසි කරන්න මරණ දඩුවමෙන් කිසිදු වාසියක් වෙන්නෙ නෑ. අපරාධ ඇතිවන සමාජ ආර්ථික හේතු වළක්වන්න සමත් සමාජ ක්‍රමයක් ගොඩනැගීම අවශ්‍ය වෙනවා. ආන්ඩුව අපරාධ නවත්වන්න කියලා මේ ගෙන මර්දනයෙන් විනාශ වෙන්නෙ මේ රටේ සාමාන්‍ය ජනතාවගේ ජීවිත. ආණ්ඩුවේ බල ව්‍යාපෘති වෙනුවෙන් ජනයාගේ දේශපාලන අයිතිවාසිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් අහිමි කරන්න ඉඩ දිය යුතු නෑ කියලා අපි අවධාරනය කරනවා.” යැයි පැවසීය.

The post පාලකයන් විසින් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදි අයිතිවාසිකම් උදුරාගන්නා බව දුමින්ද නාගමුව කියයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();