Ticker

6/recent/ticker-posts

Header Ads Widget

2020 ජනාධිපතිවරණයට ඒකාබද්ධයෙන් චමල්.

Chamal_Vasu

2020දී ජනාධිපතිවරණයක් පවත්වන්නේ නම් මහින්ද පිලේ ජනාධිපති අපේක්ෂකයා විය යුත්තේ ගෝඨාභය රාජපක්ෂ නොව චමල් රාජපක්ෂ බව මහින්ද පිලේ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර සඳහන් කර ඇත.  පාර්ලිමේන්තු  මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ පසුගියදා කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

චමල් රාජපක්ෂ යනු මධ්‍යස්ථ මත දරණ, සියලුම ජනකොටස්වල ඡන්දය ලබාගත හැකි, දූෂණ චෝදනා එල්ලවී නොමැති පුද්ගලයකු බව පෙන්වාදී ඇති  වාසුදේව නානායක්කාර ප්‍රකාශ කර ඇත්තේ  ඉදිරි ජනපතිවරණය ජයගත හැකිවනුයේ ඔහුව ඉදිරිපත් කිරීමෙන් පමණක් බවයි.

ජනපතිවරණ අපේක්ෂකයා ලෙස චමල් රාජපක්ෂගේ නම තවත් මන්ත්‍රීවරුන් පිරිසක් විසින් ඉදිරිපත් කර ඇති බවත් පවසා ඇති  වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා ඒ සඳහා ඩිලාන් පෙරේරා ගේ සහාය ලැබී ඇති බව ද කුමාර වෙල්ගමගේ සහාය ද ලැබෙනු ඇති බව ද වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

The post 2020 ජනාධිපතිවරණයට ඒකාබද්ධයෙන් චමල්. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();