Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මහරගම අපේක්ෂා රෝහලට ක්‍රිකට් ආයතනයෙන් පරිත්‍යාග

මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන්ගේ සුවදුක් විමසමින් මහඟු සත්කාරයක් සඳහා පෙරේරා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් සහ නිලධාරීන් එම රෝහලට ගොස් තිබිණි.

මේ ගමනේ මූලික අරමුණවී තිබුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සමාජ සත්කාරක ඒකකයේ (ක්‍රිකට් ඒඩ්) ව්‍යාපෘතියක් ලෙස ක්‍රීඩා ඇමැති ෆයිසර් මුස්තාපා මහතාගේ මැදිහත් වීමෙන් රුපියල් මිලියනයක් වටිනා ඖෂධ තොගයක් රෝහල වෙත පරිත්‍යාග කිරීමය.

මේ ඖෂධ වලට අමතරව රෝහලේ ප්‍රතිකාර ලබන ළමුන් 50දෙනකුට ත්‍යාග පිරිනැමීමට ද ඔවුන් කටයුතු කර තිබූ අතර ක්‍රිකට් ක්‍රීඩකයන් එම දරුවන් සමගින් කාලය ගත කිරීමටද අමතක නොකළහ.

මේ අවස්ථාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඇෂ්ලි ද සිල්වා, ප්‍රධාන පරිපාලන නිලධාරී අරුණ ද සිල්වා, ක්‍රීඩා ඇමැතිවරයාගේ පෞද්ගලික ලේකම් නිහාල් පෙරේරා, ෙරා්හලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ බුද්ධික කුලසේකර මහත්වරුද එක්ව සිටියහ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();