Ticker

6/recent/ticker-posts

Header Ads Widget

බෙල්ජියම මුළු ජපානයම හඬවයි

Author(s): 
ෆවුස් මොහොමඩ්

තරගයේ 69 වැනි මිනිත්තුව වෙද්දිත් ගෝල 2-0කින් පෙරමුණ ගෙන ජයග්‍රහණයේ පහස විඳිමින් සිටි ජපානය එහෙම පිටින්ම කඳුළින් පුරවා දැමූ බෙල්ජියම අවසන් මිනිත්තු 20ක් තුළ පිට පිට ගෝල 3ක්ම වාර්තා කරමින් අර්ධ අවසන් පුර්ව වටයට එක්වීමට සමත්විය.

රොස්ටොව් අරීනා ක්‍රීඩාංගණයේ 41,466ක නරඹන්නන් පිරිසක් කුල්මත් කරමින් තරගයේ අවසන් භාගය එළැඹෙද්දී ස්වර්ණමය ජයග්‍රහණයට කුරුමානම් අල්ලමින් සිටි ජපානයේ බලාපොරොත්තු සුන්වූයේ අවසන් මිනිත්තුවේදී නේසර් චඩ්ලි එල්ල කළ ගෝලයත් සමගය.

ඊට පෙර 70 වැනි මිනිත්තුවේදී ලෝක කුසලාන තරග ඉතිහාසයේ වැඩිම දුරක සිට හිසින් එල්ල කළ ගෝලයේ වාර්තාව තබමින් ජැන් වර්ටොන්ගන් ලැබූ ගෝලයෙන් බෙල්ජියම නැවත අවදිවූ අතර ඊට මිනිත්තු 5කට පසුව මොරින් ෆෙලානි එල්ල කළ ගෝලයත් සමග තරගය 2-2කින් සමවූයේ ජපාන ක්‍රීඩකයන් අන්ද මන්ද කරමිනි.

පළමු භාගයේ දී දෙපිලම ගෝල රැස් කිරිමට අසමත්වූවත් දෙවැනි භාගයේ 48 වැනි මිනිත්තුවේදී ජෙන්කි හරාගුචි කදිම ගෝලයක් වාර්තා කරමින් ජපානය ගෝල 1-0කින් පෙරමුණට තැබූ අතර 52 වැනි මිනිත්තුවේදී ටකාෂි ඉනුයි යාර 20ක දුරක සිට එල්ල කළ වේගයත් පහරින් වාර්තා වූ ගෝලය ජපානයට ජයග්‍රහණයට ඇති දුර අඩු කර දැමුවේය.

එහෙත් ඉන් අනතුරුව තරගය තම කණ්ඩායම දෙසට හරවාගැනීමට සමත්වූ බෙල්ජියම කලෙකට අමතක නොවන මේ විස්මිත ජයග්‍රහණයට හිමිකම් කීවේය.

 

 

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();