Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කැවල්රි සුපර්ක්‍රොස් 8දා පාන්ගොල්ල ධාවන පථයේදී

Author(s): 
ගීෂා මුණසිංහ

ශ්‍රී ලංකා යුද හමුදා සන්නාහ සන්නද්ධ බලකාය, ශ්‍රී ලංකා මෝටර් රථ හා යතුරුපැදි ධාවකයන්ගේ සංගමය (SLARDAR) හා ආසියා මෝටර් රථ ධාවකයන්ගේ ක්‍රීඩා සමාජය (AMRC) එක්ව සියැට් කැලණි ටයර් පුද්ගලික සමාගමේ අනුග්‍රාහය ඇතිව 8 වැනි වරටත් සංවිධාන කරන කැවල්රි සුපර්ක්‍රොස් මෝටර් රථ හා යතුරුපැදි තරගාවලිය මේ මස 8 වැනි දා කුරුණැගල පාන්ගොල්ල අයන්සයිඩ් ධාවන පථයෙදී පැවැත්වෙයි.

“හච් ශ්‍රී ලංකා සුපර්සීරීස් 2018” තරග මාලාවේ තුන්වන අදියර ලෙස පැවැත්වෙන කැවල්රි සුපර්ක්‍රොස් තරගාවලියට මෝටර් රථ තරග ඉසව් 13ක් හා යතුරුපැදි තරග ඉසව් 11ක් ඇතුළත්ය.

30 වසරක කුරිරු යුද්ධය මාතෘ භූමියෙන් මුලිනුපුටා දැමීමට ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකා සෙබලුන් දක්වන ලද විරෝධාර අමිල මෙහෙවර ඉතිහාසයේ නොමැකෙන මතක සටහනක් ලෙස සනිටුවන්ව ඇතැයි ද, ඔවුන‍් විසින් කළ ජිවිත පරිත්‍යාගය අගයනු වස් ඔවුන්ගේ පවුල්වල සුභසාධනය උදෙසා හා පූර්ණ කාලීන ආබාධවලට ලක්ව සිටින සෙබලුන්ගේ සුභසාදනය උදෙසා සන්නාහ සන්නද්ධ බළකාය වෙතින් ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන් සඳහා අවශ්‍යවන අරමුදල් එක් රැස්කිරීමේ අරමුණින් විශේෂ ව්‍යාපෘතින් කිහිපයක් මේ වන විටත් ක්‍රියාත්මකව ඇතැයි ද පසුගියදා මෝදර “රොක්හවුස්’ කඳවුරේ පැවැති මාධ්‍ය හමුවකදී සංවිධාන කමිටුවේ සභාපති ශ්‍රී ලංකා යුද හමුදා ආරක්ෂක විද්‍යාපීඨයේ උප කුලපති මේජර් ජේනරාල් ඉඳුනිල් රණසිංහ මහතා ප්‍රකාශ කළේය.

ඒ ව්‍යාපෘති අතර ප්‍රධානතම ව්‍යාපෘතියක් ලෙස 2010 වසරේදී ශ්‍රී ලංකා මෝටර් රථ හා යතුරුපැදි ධාවකයන්ගේ සංගමය (SLARDAR) එක්ව සංවිධාන කරන ලද මෝටර් රථ හා යතුරුපැදි තරගාවලිය සුවිශේෂ වන බවත්, මේ වසරේදී 8 වැනි වරටත් තරගාවලිය පවත්වන බව ඔහු වැඩිදුරටත් කීවේය.

පසුගිය වසර කිහිපයේදී මේ තරගාවලිය සංවිධාන කිරීම තුළින් රැස්කරන ලද අරමුදල් භාවිතයෙන් මේ වන විටත් නිවාස 21ක් ගොඩනගා ඇති අතර සන්නාහා සන්නද්ධ බලකා රණවිරුවන්ගේ පවුලේ සාමාජිකයන්ගේ ජීවන තත්වය නගා සිටුවීම වෙනුවෙන් හා යුද වැදී ආබාධිත තත්වයට පත් වූ රණවිරුවන් මෙන්ම මේ වනවිට සක්‍රීය සේවයේ නියුතු ශ්‍රී ලංකා සන්නාහා සන්නද්ධ සෙබලුන්ගේ සුභසාධනය වෙනුවෙන් නිවාඩු නිකේතන ඇතුළු සුභසාධන ව්‍යාපෘති රාශීයක් ඉටුකර ඇත. ඉදිරියේදී සැලැසුම් කර ඇති ව්‍යාපෘති කිහිපයක් මෙවර තරගාවලිය සංවිධාන කිරීම තුළින් නිමකිරීමට අපේක්ෂා කරන බව රණසිංහ මහතා පවසා සිටියේය.

කැවල්රි සුපර්ක්‍රොස් තරගාවලියේ 2010 වසරේදී දක්ෂතම රියදුරු ලෙස පසිඳු පිරීස් හා දක්ෂතම ධාවකයා ලෙස ගයාන් සඳරුවන් සම්මාන දිනූ අතර 2011 දී දක්ෂතම රියදුරු ලෙස දිනේෂ් දෙහෙරගොඩ ද දක්ෂතම ධාවකයා ලෙස යළිත් ගයාන් සඳරුවන් සම්මානයට පාත්‍රවූහ.

වසර 2012 සිට පිට පිට තෙවරක් අශාන් සිල්වා දක්ෂතම රියදුරු ලෙස සම්මාන දිනූ අතර එම වසර වලදී පිළිවෙළින් ජපන් ජාතික ටොමොයා සුසුකී, ගයාන් සඳරුවන් හා ෂෙහාන් සී. අධිකාරී දක්ෂතම යතුරුපැදි ධාවකයන් ලෙස සම්මාන හිමිකර ගත්හ.

2016 දී උෂාන් සිල්වාත්, පසුගිය වසරේ අශාන් සිල්වා දක්ෂතම රියදුරන් ලෙස සම්මාන දිනා ගනිද්දී එම දෙවසරේම දක්ෂතම ධාවකයා ‍වූයේ ඉෂාන් දසනායකය.

මේ වසරේදී ද කැවර්ලි සුපර්ක්‍රොස් තරගාවලියේ මෝටර් රථ ශූරතා තරග ඉසව්වෙන් ජයගන්නා දක්ෂතම රියදුරුට ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා කර්නල් සේනාවිධායක අභියෝගතා කුසලානය පිරිනැමීමට නියමිත අතර සෝනාවැන්ඩර් හේවන් අනුස්මරණ අභියෝගතා කුසලානය දක්ෂතම ධාවකයා වෙනුවෙන් පිරිනැමීමට නියමිතය.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();