Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අනාවැකි පළ කළ බූවල්ලා මාළු වෙළෙඳපොළේ

ජගත් පාපන්දු කුසලාන තරගාවලියේ ජපානය සහභාගි වන තරග ප්‍රතිඵල පිළිබඳ නිවැරදි අනාවැකි පළ කිරීමෙන් ප්‍රසිද්ධියට පත්ව සිටි බූවල්ලෙකු මරා දමා 'සෂිමි' නම් ආහාරය සකසා ගෙන තිබේ.

'රේබියෝ' නම් මෙම බූවල්ලා කුඩා ජල තටාකයකට දමා අනාවැකි පළ කිරීම පිළිබඳ අත්හදා බැලීමෙන් පසු ඔහුට අධ්‍යාත්මික බලයක් ඇතැයි විශ්වාස කෙරිණ.

නමුත් රේබියෝ අල්ලාගත් ධීවරයා වන කිමිඕ ඒබ් (Kimio Abe)පැවසුවේ බූවල්ලාගේ ප්‍රසිද්ධියට වඩා ආහාර සඳහා එය විකිණීමෙන් වැඩි මුදලක් තමන්ට ලබා ගත හැකි බවය.

තම ජීවනෝපාය මාර්ගය බූවල්ලාගෙන් ලැබුණ කීර්තියට වඩා වැදගත් යැයි කිමිඕ ඒබ් පැවසූ බව ජපාන මාධ්‍ය වාර්තා කර තිබුණි.

රේබියෝ අනාවැකි පළ කරන ආකාරය පහත වීඩියෝවෙන් නැරඹිය හැකිය. මෙම වීඩියෝව ජපන් බසින් තිබුණත් එහි සිදුවන දේ තේරුම් ගැනීමට අපහසු නැත.

(බී.බී.සිය ඇසුරෙනි)

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();