ශ්‍රී ලංකා කායවර්ධන හා කායික යෝග්‍යතා සංගමය, GMY සොලුෂන් ආයතනය සහ ආර්.එස්. සීටීල් සමාගම එක් ව සංවිධාන කළ 2018 ආධුනික කායවර්ධන තරගාවලියේ ශූරයා ලෙසින් අභිෂේක ලැබීමට වත්තල ශක්ති කායවර්ධන මධ්‍යස්ථානයේ දිනූක හර්ෂණ සමත් විය.
පසුගියදා ගාල්ල හෝල් ඩී ගෝල් ශාලාවේ දී පැවැති මේ තරගාවලියේ දී කිලෝ ග්‍රෑම් 55 සිට කිලෝ ග්‍රෑම් 85ට වැඩි බර පංතිවල තරග පැවැත්වුණි. තරගාවලියේ දෙවැනි ස්ථානය මාවතගම පවර් සැක් කායවර්ධන මධ්‍යස්ථානය නියෝජනය කළ නිරන්ජන් කුමාර විසින් ද තෙවැනි ස්ථානය බත්තරමුල්ල සිමාත්රා කායවර්ධන මධ්‍යස්ථානය නියෝජනය කළ දුලංග මධුහංස විසින් ද දිනා ගත්හ. 2018 ආධුනික කායවර්ධන ශූරයාට ආර්.එස්. ස්ටීල් ආයතනය විසින් රුපියල් ලක්ෂයක මුදල් ත්‍යාගයක් හා අභියෝග කුසලානය ද දෙවැනි සහ තෙවැනි ස්ථාන සඳහා පිළිවෙළින් රුපියල් 75 000ක් සහ 50 000ක මුදල් ත්‍යාග සමග කුසලාන පිරිනැමුණි.
තරගාවලියේ ත්‍යාග සහ සහතික පත් ප්රදානය සඳහා ශ්‍රී ලංකා කායවර්ධන හා කායික යෝග්‍යතා සංගමයේ සභාපති කිත්සිරි ප්‍රනාන්දු, එහි උප සභාපති එන්. එස්. ජයවර්ධන, ආර්.එස්. ස්ටීල් සමාගම් සමූහයේ සභාපති වෛද්‍ය ෂිවලිංගම් රමේෂ්, එහි උප සභාපති මෛත්‍රී ද සිල්වා යන මහත්වරුන් සහභාගී වූහ.
0 Comments