ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මන්ත්‍රීවරුන් 16 දෙනාගේ කණ්ඩායම, ඒකාබද්ධ විපක්‍ෂය සමඟ එක්වීම සම්බන්ධයෙන් විරෝධය පළකරමින් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා දහසය දෙනාගේ කණ්ඩායමෙන් වෙන්ව ශ්‍රීලනිපය සමඟ ඉදිරියේදී කටයුතු කිරීමට සූදානම්ව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර සිටී.
දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පසුගිය ජූලි 02 වැනිදා පාර්ලිමේන්තුවේදී පැවති ඒකාබද්ධ විපක්‍ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමට සහභාගී නොවී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිසංවිධානය පිළිබඳව රැස්වීමකට සහභාගී වී ඇතැයි පැවසේ. ඉදිරි ජනාධිපතිවරණයේදී සහ මහමැතිවරණයේදී ශ්‍රීලනිපය සමඟ කටයුතු කරන බවත් ශ්‍රීලනිප මන්ත්‍රීධූර පහට බැස්සත් තමන් ශ්‍රීලනිපය ගොඩගැනීමේ අපේක්‍ෂාවෙන් ඉදිරියේදී කටයුතු කරන බවත් එහිදී දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා අදහස් දක්වා ඇතැයිද සඳහන් වේ.
The post තනි ගමනකට දයාසිරි සූදානම්. appeared first on Lanka News Column.
0 Comments