ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමූ ඉන්ධන මිල අද (06) දහවල් සිට යළි පහළ දැමූ බවත් ඊයේ පැවති මිලටම එය යළි අලෙවි කරන බවත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කර සිටී.
ඒ අනුව ඉන්ධන ලීටරයක නව මිල සටහන් වන්නේ ඊයේ මධ්‍යම රාත්‍රිය තෙක් පැවති මිල වන ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 137, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 148, ඩීසල් ලීටරයක් රුපියල් 109 ක් සහ සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 119ක් ලෙසය.
කෙසේ නමුත් බොහෝ ඉන්ධන පිරවුම්හල්වල වැඩි මිලට ඉන්ධන අලෙවි කෙරෙමින් පවතින බවත් සදහන් වේ.
මේ තත්වය නිරාකරණය කරගන්නේ කෙසේදැයි ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවෙන් කළ විමසීමකදි එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කර ඇත්තේ සියලුම ඉන්ධන පාරිභෝගිකයන්ට තමන් මිලදී ගන්නා ඉන්ධන ප්‍රමාණයට අනුව බිල් පතක් ලබා ගන්නැයි උපදෙස් ලබා දෙන බවයි. එමෙන්ම එම බිල් පත වැඩි මිලට ඉන්ධන අලෙවි කරන පිරවුම්හල්වලට එරෙහිව නීතිමය කටයුතු සඳහා උපයෝගී වන බවත් ඔහු සඳහන් කර ඇත. එමෙන්ම එම බිලෙහි දිනය නිවැරිදිව සටහන් වී ඇත්දැයි සැක හැර දැන්ගන්නා ලෙසද ඔහු සඳහන් කර ඇත.
The post ඉන්ධන මිල යළිත් පහළට – පිරවුම්හලෙන් බිලක් ලබාගන්නැයි උපදෙස්. appeared first on Lanka News Column.
0 Comments