Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සාන්ත පාවුළු වෙඩි තැබීමේ හා ශිෂ්‍යභට කණ්ඩායම් පෙරමුණට

සාන්ත පාවුළු බාලිකා විදුහලේ ශිෂ්‍යභට කණ්ඩායම හා වෙඩි තැබීමේ කණ්ඩායම කැපී පෙනෙන දස්කම් දක්වයි. මේ තරග සඳහා සාන්ත පාවුළු බාලිකාවෝ වසර 10කට පසු පිටියට අවතීර්ණවී දස්කම් දැක්වීම් විශේෂත්වයකි. මේ ජයග්‍රහණවලට දායකත්වය දැක්වූ ක්‍රීඩිකාවෝ මෙන්ම මඟ පෙන්වූ විදුහල්පතිනී සුමේධා ජයවීර හා ක්‍රීඩා භාර කුසලා ධර්මසේකර යන මහත්මීන් විශාල මෙහෙවරක් ඉටුකර තිබුණි. රන්ටැඹේ ශිෂ්‍ය භට පුහුණු මධ්‍යස්ථානයේදී පසුගියදා පැවැති ශිෂ්‍ය භට තරගාවලියේදී ප්‍රබල කණ්ඩායම් අබිබවා ශ්‍රී ලංකාවෙන්ම 13වැනි ස්ථානයට පත්වීමට සාන්ත පාවුඵ බාලිකාවෝ සමත්ව සිටිති. එමෙන්ම පාසල් වෙඩි තැබීමේ සංගමය සංවිධාන කළ රාජකීය වෙඩි පිටියේ පැවැති තරගාවලියේදී මීටර් 10 වායු රයිෆල් ඉසව්වේ හොඳම වෙඩික්කාරිය ලෙස සම්මාන දිනා ගත්තේ සාන්ත පාවුඵ බාලිකාවේ උමේධා ලක්ෂානී ක්‍රීඩිකාවය.

‘උමේධා ලක්ෂානී මීටර් 10 ක රයිපල් ඉසව්වේ ජයග්‍රහණය ලබා ගැනීම සඳහා විදුහල්පතිනිය විශාල මෙහවරක් කළා. ඇය සියලු දේ පිළිබඳ සොයා බලා අවශ්‍ය පහසුකම් ලබා දුන්නා. ඒ නිසයි මේ ජය ලැබුණේ. ක්‍රීඩිකාවගේ ජයග්‍රහණය පිළිබඳ විදුහල්පතිනිය ඇතුළු අප විශාල සතුටකින් පසු වෙනවා’ ශිෂ්‍ය භට බලකාය භාර ආචාරිණී කුසලා ධර්මසේකර මහත්මිය පැවැසීය.

මේ ජයග්‍රහණ පිළිබඳ විදුහල්පතිනී සුමේධ ජයවීර මහත්මියගේ අදහස වන්නේ කලකට පසුව සාන්ත පාවුඵ බාලිකාවන් ලැබූ ජයග්‍රහණ පිළිබඳ සතුටට පත්වන බවය. ‘මේ ජයග්‍රහණ ලැබූවේ අවශ්‍ය සියලු පහසුකම් නොමැතිවයි. වෙඩි තැබීමට අවශ්‍ය රයිෆල් තිබුණේ නෑ. නමුත් ඔවුන් ජයග්‍රහණය ලැබුවා. මේ පිළිබඳ ආදි ශිෂ්‍යාවන්ගේ අවධානය යොමු විය යුතුයි. ඔවුන්ගේ සහයෝගය ඉදිරියේදී ලැබුණොත් මෙයට වඩා ජයග්‍රහණ වාර්තා කිරීම අපහසු වන්නේ නෑ’ විදුහල්පතිනී සුමේධ ජයවීර මහත්මිය පැවසූවාය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();