Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ජාතික ඔලිම්පික් කමිටුවෙන් පාසල් දරුවන්ට පාවහන්

ජාතික ඔලිම්පික් කමිටුව සහ කොරියාවේ සියෝල් තරුණ මධ්‍යස්ථානය අතර සංස්කෘතික හුවමාරු ගිවිසුමකට අනුව එහි එක් අංගයක් ලෙස පැවැත්වෙන ‘බලාපොරොත්තුවේ වැඩසටහන’ දෙවැනි අදියර පසුගියදා ජාතික ඔලිම්පික් කමිටු නිවහනේදී පැවැත්විණි.

හිටපු ජාතික ඔලිම්පික් කමිටු සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතා සහ සියොල් තරුණ මධ්‍යස්ථානයේ සංස්කෘතක හුවමාරු ව්‍යාපෘති සම්බන්ධිකාරක සන්ග් චූල් කිම් මහතාගේ එකඟත්වයෙන් මේ (Shoes of Hope Program) බලාපොරොත්තුවේ වැඩසටහන් මෙරට දුෂ්කරතා ඇති පාසල්වල දූදරුවන් සඳහා පාවහන් ප්‍රදානය කිරීම සඳහා ආරම්භ කෙරිණි.

මෙහි ප්‍රථම පියවර පසුගියදා මඩකලපුව ප්‍රදේශයේ දී ක්‍රියාත්මක කෙරිණි. එහිදී දුෂ්කර පාසල් 17ක සිසුන්ට පාවන් යුගල 800ක් ප්‍රදානය කෙරිණි.

ඔලිම්පික් නිවහනේ පැවැති දෙවැනි අදියර යටතේ කොළඹ පාසල් 3කට පාවහන් යුගල 210ක්, බණ්ඩාරවෙල ඌව අධ්‍යාපන විද්‍යාපීඨයට පාවහන් යුගල 350ක්, රත්නපුර ප්‍රදේශයේ පාසල් 2කට සහ මොණරාගල ප්‍රදේශයේ පාසලකට පාවහන් යුගල 70ක් බැගින්ද මේ යටතේ පිරිනැමිණි.

ජාතික ඔලිම්පික් කමිටු ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා මෙහිදී කියා සිටියේ කොරියානු රජය වසර කිහිපයකට පෙර දියත් කළ විදෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පුහුණුව ලබාදීම, අධ්‍යාපන සම්බන්ධයෙන් සෝල් කෞතුකාගාරය සහ විශ්විද්‍යාලය සමග එක්ව ක්‍රීඩාව පිළිබඳ දැනුවත් කිරීම් සහ මිසි සෙන්ටර් හරහා පාසල් දරුවන් අතර සංස්කෘතික කටයුතු හුවමාරු කිරීම මෙමගින් සිදුවන බවයි.ඉදිරියේදී කොරියාව සහ මෙරට දරුවන් සම්බන්ධ කරමින් ළමා හුවමාරු වැඩසටනක් ක්‍රියාත්මක කිරීමටද බලාපොරොත්තු වන බව මැක්වෙල් මහතා පැවැසීය.දුෂ්කරතා ඇති පාසල් දරුවන්ට මේ ප්‍රදායන් කිරීම වඩා වැදගත් බවත්, මේ වැඩසටහන විශේෂ අවශ්‍යතා ඇති පාසල් ළමුන්ට වඩාත් ප්‍රයෝජනවත් වන බව කී ඒ මහතා මේ පාවහන් කොරියාවේ සිට ගෙන්වා ගැනීමේදී වැය වූ මුදල ලබාදීමට ක්‍රීඩා අමාත්‍යාංශය එකඟවීමෙන් මේ වැඩසටහන සාර්ථක කරගැනීමට වැදගත් වූ බවද පැවැසීය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මෙහි සම්බන්ධීකාරක චන්දන පෙරේරා මහතා පැවැසුවේ මෙය කොරියාව කියන පොහොසත් රටෙන් ශ්‍රී ලංකාව කියන දුප්පත් රටට දෙන සහනාධාරයක් නොවන බවත් දෙරට අතර අනෝන්‍ය සහයෝග වර්ධනය කිරීමේ මූලික අරමුණින් මේ ව්‍යපෘතිය සිදු කර බවත්ය.

මෙහිදී පාවහන් යුගල 1500ක් ප්‍රදානය කළ අතර එම පාවහන් කොරියානු දරුවන් විසින් වර්ණ ගන්වා තිබීම විශේෂත්වයකි. ජාතික ඔලිම්පික් කමිටු සභාපති සුරේෂ් සුබ්‍රමනියම් විදේශ ගතව සිටින හෙයින් මේ අවස්ථාවට එක් නොවීය.

මේ අවස්ථාවට ව්‍යාපෘති සම්බන්ධීකාරක චන්දන පෙරේරා, මිෂි සෙන්ටර් අධ්‍යක්ෂ ජියෝන් සුන්ග් වෝ, මිසි සෙන්ටර්හී සම්බන්ධීකාරක යෝ ජි වෝන්, ඔලිම්පික් කමිටු උප සභාපති ජෝශප් කෙනී මහත්වරු සමගින් ඔලිම්පික් කමිටු නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

නිරෝෂාන් ප්‍රියංකර

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();