Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ගනර් සුපර්ක්‍රොස් 29 දා මින්නේරියේදී

Author(s): 
ගීෂා මුණසිංහ

දිවයිනේ ප්‍රධානතම මෝටර් රථ හා යතුරුපැදි තරගාවලියක් වන ගනර් සුපර්ක්‍රොස් 2018 තරගාවලිය මේ මස 29 වැනිදා තමන්කඩුව මින්නේරිය ගනර් ධාවන පථයේදී පැවැත් වෙයි.

ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව විසින් 13 වැනි වරටත් සංවිධාන කරන ගනර් සුපර්ක්‍රොස් තරගාවලිය මෝටර් රථ තරග ඉසව් ‍12කින් හා යතුරුපැදි තරග ඉසව් 10කින් සමන්විත වන අතර එම්.එක්ස්. සුපර්මෝටාර්ඩ් තරග ඉසව් 2ක් ද ඇතුළත්ය.

ගනර් සුපර්ක්‍රොස් 2018 තරගාවලිය ගැන මාධ්‍ය හමුවක් පසුගියදා කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේදී පැවැත්විණි. එහිදී 12 වැනි බලසේනාවේ අණදෙන නිලධාරී මේජර් ජෙනරාල් එන්.ඩී. වන්නිආරච්චි මහතා කියා සිටියේ වසර 12ක් ගනර් සුපර්ක්‍රොස් තරගාවලිය සංවිධානය කරමින් රැස්කරගත් අරමුදල් කාලතුවක්කු හමුදාවේ මියගිය හා සේවයේ යෙදී සිටින නිවාස අවශ්‍ය හමුදා සාමාජිකයන්ට නිවාස තනාදීමටත්, කාලතුවක්කු හමුදා කඳවුරුවල යටිතල පහසුකම් දියුණු කිරිමටත්, අවම පහසුකම්ලත් දූදරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීමටත් හැකියාව ලැබුණු බවය.

එමෙන්ම මෙම තරගාවලිය වාර්ෂිකව සංවිධාන කිරීමෙන් ප්‍රාදේශීය ජනතාවට ප්‍රතිලාභ සලස්වමින් පිහිනුම් තටාක අංගනයක් ඉදිකිරීම මෙන්ම තෝරාගත් පාසල් හා සිසුන්ගේ අභිවෘධිය පිණිස ශිෂ්‍යත්ව පිරිනැමීම, පරිඝණක හා පාසල් උපකරණ ලබාදීම, වැසිකිළි හා ජල පිරිපහදු පද්ධති ලබාදීම වැනි සමාජ සත්කාර සැම වසරකම ඉටු කිරිමට හැකියාව ලැබී ඇත.

කාලතුවක්කු හමුදාවේ කර්නල් සේනාවිධායක ලෙස කටයුතු කළ මේජර් ජෙනරාල් සුනිල් තෙන්නකෝන් මහතාගේ මඟ පෙන්වීම මත 2004 වසරේදී ප්‍රථම වරට ගනර් මෝටර් රථ හා යතුරුපැදි තරගාවලිය හඳුන්වා දෙමින් රට වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන්ගේ යැපෙන්නන්ට, ආබාධිත තත්ත්වයට පත්වුවන්ට හා සේවයේ යෙදී සිටින සාමාජිකයන්ගේ අත්‍යවශ්‍ය විවිධ සුබසාධන කටයුතු සඳහා අවශ්‍ය අරමුදල් මෙමගින් සම්පාදනය කිරීමට හැකිවූ බව කාලතුවක්කු හමුදාවේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් ජී.ආර්.එස්.ඩයස් මහතා මාධ්‍ය හමුවේදී පවසා සිටියේය. ශ්‍රී ලංකා මොටර් රථ ධාවකයන්ගේ සංගමය (SLADA) මෙවරත් තරගාවලියේ අධීක්ෂකයන් ලෙස කටයුතු කරන අතර 10 වැනි වරටත් සිංගර් ශ්‍රී ලංකා සමාගම ප්‍රධාන අනුග්‍රාහක ලෙසත්, සියැට් කැලණි ටයර් ජාත්‍යන්තර සමාගම, ටි.වී.එස්. යතුරු පැදි ගෙන්වා බෙදාහරින ටී.වී.එස්. ලංකා පුද්ගලික සමාගම හා “එක්සයිඩ්” බැටරී ගෙන්වා බෙදාහරින බ්‍රවුන්ස් සහ සමාගම සම අනුග්‍රහකයන් ලෙස කටයුතු කරයි.

පසුගිය වසරේ ගනර් මෝටර් රථ ශූරයා ලෙස කුසලාන දිනාගත් අශාන් සිල්වා, සිංගර් ශ්‍රී ලංකා සමාගමේ වෙළෙඳ අධ්‍යක්ෂ කුමාර් රුපසිංහ, ටී.වී.එස්. ලංකා පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී රවී ලියනගේ, බ්‍රවුන්ස් සහ සමාගමේ නියෝජ්‍ය සමාන්‍යාධිකාරී අජිත් ද සිල්වා, සියැට් කැලණි ටයර් ජාත්‍යන්තර පුද්ගලික සමාගමේ නියෝජ්‍ය සමාන්‍යාධිකාරී ( වෙළෙඳ) බ්‍රීෂ්ෆ්‍රී ලතීෆ්, කාලතුවක්කු හමුදා අණදෙන නිලධාරී බ්‍රිගේඩියර් එන්.එල්. කේ. සමරසිංහ, 51 වැනි බලසේනාවේ අණදෙන නිලධාරී ඒ.ඩබ්ලිව්.එම්.පි.ආර් සෙනෙවිරත්න හා කාලතුවක්කු රෙජිමේන්තුමේ මධ්‍යස්ත අණදෙන නිලධාරී ඩී.එම්.ඒ.පී. දිසානායක මහත්වරු මේ අවස්ථාවට එක්වී සිටියහ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();