Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ශ්‍රී ලංකාවේ මරණවලින් 75% බෝනොවන රෝග හේතුවෙන්.

 Retina_2018
රෝහල්වල සිදුවන මරණ වලින් සියයට 75 ක් සිදු වන්නේ බෝනොවන රෝග වලින් බවත් බෝනොවන රෝග පාලනය කිරීම සදහා සෘජු වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙන බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න ප්‍රකාශ කර සිටී. අමාත්‍යවරයා මෙම අදහස් පළකර සිටියේ  රෙටිනා – 2018 අක්ෂි විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යාත්මක සැසිවාරය සඳහා එක්වෙමිනි.
 මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා – 
ශ්‍රී ලංකාවේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ 07 වන වාර්ෂික සැසිය ඇමැතීමට හැකිවීම සම්බන්ධයෙන් මම සතුටට පත්වනවා. මම හිතන විදිහට ඔබේ මෙම සංගමය 2011 වර්ෂයේ මුල් කාලයේ ජාතික අක්ෂි රෝහලෙන් වෛද්‍ය චරිත් ෆොන්සේකා මහතාගේ සභාපතිත්වයෙන් යුතුව ස්ථාපනය වී තිබෙනවා. අපගේ සියලු සංවේදන අතුරින් වඩාත් වටිනා සංවේදනය වනුයේ පෙනීම යැයි පැවසුවහොත් ඔබ සියලු දෙනා ඊට එකග වෙයි. කෙනෙකුගේ නැති වෙමින් පවතින පෙනීම නැවැත ලබාගැනීමට උපකාර කිරිම පුණ්‍යකර්මයක්. වසර ගණනක් මුළුල්ලේ ඉතා විශාල ලෙස තාක්ෂණය දියුණුවට පත් වී ඇති නමුත් පෙනීමේ දුබලතා ශ්‍රී ලංකාවෙහි සුළභ ගැටලුවක්වීම කණගාටුවට කරුණක්. පෙනීම නැතිවීමේ අවස්ථාවන්ගෙන් අඩකට වැඩි ප්‍රමාණයක් වළක්වා ගත හැකි අවස්ථාවන් වනවා. ඇස්  පරීක්ෂා කර ගැනීමේ වැදගත්කම මෙන්ම නිසි ජීවන රටාවකට අනුගතවීමේ වැදගත්කම පිළිබදව ජනතාව අතර දැනුවත්භාවයක් ඇති කිරිම ඉතා වැදගත් වෙනවා. ඒ හරහා අපිට මෙම ගැටළුව මුල් අවස්ථාවේ දීම පිටුදැකිය හැකියි.
ශ්‍රී ලංකාවේ රෝහල්වල සිදුවන මරණ වලින් සියයට 75 ක් සිදු වන්නේ බෝනොවන රෝග වලින්. බෝනොවන රෝග පාලනය කිරීම සදහා සෘජු වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා. ඇස්වල නිරෝගීමත් භාවය සදහා අප ගන්නා ආහාර සමග ද සබදතාවයක් පවතිනවා. නිසි ආරක්ෂිත ක්‍රමවේද නොමැතිව පෑස්සුම්කරුවන් පෑස්සුම් වැඩවල නිරත විම නිසා අක්ෂි ගැටලු මතුවීමේ අවදානමක් තිබෙනවා. එවැනි කර්මාන්තවල දී අක්ෂි ආරක්ෂිත කණ්නාඩි අනිවාර්යය කිරිම කළ යුතුයි. එසේ කටයුතු නොකිරීම සම්බන්ධයෙන් කර්මාන්ත ශාලා හිමියා වගකිව යුතු වන පරිදි නීති රීති ගෙනඒමට මම අපේක්ෂා කරනවා. පුද්ගලයෙකුගේ නිරෝගීමත්භවය දෑස්වලින් පිළිඹිබු වෙනවා. අපගේ සම්ප්‍රදායික වෛද්‍යවරු පවා රෝගීයෙකුගේ සෞඛ්‍ය තත්ත්වය තක්ෂේරු කිරීමේ දී දෑස් පරික්ෂා කරනවා. දෘෂ්ඨි පරීක්ෂාව තුලින් තවත් රෝග ලක්ෂණ රැසක් හදුනාගත හැකියි. විශේෂඥයින් අතර නූතන දැනුම් සම්භාරය හුවමාරු කර ගැනීමට පහසුකම් සැපයෙන බැවින් මෙවැනි රැස්වීම් ඉතා වැදගත් වෙනවා.” යැයි පැවසීය.

The post ශ්‍රී ලංකාවේ මරණවලින් 75% බෝනොවන රෝග හේතුවෙන්. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();