Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ලාඕසයේ වේල්ලක් කැඩී යාමෙන් 6,600 කට වැඩි පිරිසක් අවතැන්

ලාඕසයේ වේල්ලක් කැඩීයාමෙන් අට්ටපියු පළාතේ, සනම්ෂේ දිස්ත්‍රික්කයේ ඇති වී ඇති ගංවතුරට හසු වී සිටින 3,000 කට වැඩි පිරිසක් බේරා ගත යුතුව ඇති බව එම පළාතේ ආණ්ඩුකාරවරයා පවසයි. ඊයේ වන විට 2,851 දෙනකු පමණ බේරා ගත් බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ. 6,600 කට වැඩි පිරිසකට අවතැන් වී තිබේ.

බේරා ගත යුතුව සිටින පිරිස ගස් මුදුන්වල සහ නිවාස හා ගොඩනැගිලිවල වහළ මුදුන්වල රැඳී සිටින බව සඳහන්ය . බේරා ගන්නා පිරිස් බෝට්ටු මගින් ඔවුන් ආරක්‍ෂිත ස්ථාන කරා රැගෙන යන ආකාරය ඡායාරූපවල දැක්වේ.

ගංවතුරට යට වූ ප්‍රදේශය සමඟ දුරකථන සම්බන්ධතා ඇනහිට ඇති බැවින් කොපමණ පිරිසක් මියගියේද සහ කොපමණ පිරිසකට හානි වී තිබෙන්නේ ද යන්න තවමත් පැහැදිලි නැත.

මියගිය සංඛ්‍යාව සහ අතුරුදන් වූ සංඛ්‍යාව ලෙස විවිධ සංඛ්‍යා විදෙස් මාධ්‍ය අනාවරණය කළත් කොතරම් පිරිසක් අතුරුදන්ව හෝ මිය ගොස් ඇති ද පිළිබඳව තවමත් නිල තොරතුරු ලැබී නොමැත.

රජයේ නිල කටයුතු සියල්ල අත්හිටුවා ලාඕස අගමැතිතොන්ග්ලොන් සිසොලිත් (Thongloun Sisoulith) බේරා ගැනීමේ මෙහෙයුම් හා සහන සේවා ක්‍රියාත්මක වන ආකාරය නිරීක්ෂණය කිරීම සඳහා සනම්ෂේ ප්‍රදේශය වෙත ගොස් ඇති බව වාර්තා වේ.

අට්ටපියු (Attapeu) ප්‍රාන්තයේ පිහිටි ජල විදුලි බලාගාරයක වේල්ල පසුගිය 23 දා රාත්‍රියේ කඩාවැටීමත් සමඟ මෙසේ ගම්මාන හයක හදිසි ගංවතුරක් හට ගත්තේය.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();