Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පාකිස්තානයේ ඡන්ද මධ්‍යස්ථානයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

පාකිස්තානයේ මහමැතිවරණය පැවැත්වෙන අතරතුර ඡන්ද මධ්‍යස්ථානයකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 31 දෙනකු මිය ගොස් ඇත. මෙහිදී තුවාල ලැබූ තිස් දෙනෙකුට වැඩි පිරිසක් රෝහල් ගත කර ඇති බව වාර්තා වේ. ‍

මේ බෝම්බ ප්‍රහාරය ක්වේටාහි පිහිටි ඡන්ද මධ්‍යස්ථානයකට එල්ල වී ඇති බවත් එහි වගකීම අයි. එස් සංවිධානය විසින් බාරගෙන ඇති බවත් විදෙස් මාධ්‍ය අනාවරණය කරයි.

මේ ප්‍රහාරය එල්ල වී ඇත්තේ මැතිවරණයේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයන් 372,000ක් යොදවා තිබියදීය. ආරක්ෂක අංශ සාමාජිකයන් පුළුල් අධිකරණ බලතල ලබාදීමට ද පාකිස්තාන මැතිවරණ කොමිසම පසුගිය සතියේදී පියවර ගෙන තිබුණි.

පාකිස්තාන මහ මැතිවරණය ඊයේ (25) ආරම්භ වූයේ මැතිවරණ ප්‍රතිඵල වෙනස් කිරීම, ප්‍රචණ්ඩ ක්‍රියා, තලේබාන් සහ අයි.එස් ප්‍රහාර එල්ල වීමේ අවදානම මධ්‍යයේය. එරට ජනතාවගේ මෙන්ම මාධ්‍යයේ ද අවධානය යොමු වී තිබුණේ සාධාරණ මැතිවරණයක් පැවැත්වීම පිළිබඳව වන අතර මිලියන 106ක් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා සිටින බව මීට පෙර වාර්තා කෙරිණි. මේ මහමැතිවරණය පැවැත්වෙන්නේ පාකිස්තාන පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලය සහ ප්‍රධාන පරිපාලන පළාත් හතරේ සභා සඳහා සාමාජිකයන් තෝරා පත් කරගැනීම වෙනුවෙනි.

මැතිවරණය පිළිබඳ සිදු කෙරෙන වාර්තාවලට අනුව හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඉම්රාන් ඛාන් ගේ පී.ටි.අයි පක්ෂයට මේ වන විට වැඩි වාසියක් පවතී. එම පක්ෂය සහ හිටපු හිටපු අගමැති නවාස් ෂරීෆ්ගේ පී.එම්.එල් - එන් පක්ෂය අතර දැඩි තරගයක් පවතින බව එරට මාධ්‍ය වාර්තා කළේය.

කෙසේ වුවත් මේ වන විට දූෂණ චෝදනාවලට වැරැදිකරු වූ නවාස් ෂරීෆ් මේ වනවිට සිර භාරයේ පසුවේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();