ඩයලොග්-ඉතිරි කිරීමේ බැංකුව-රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව-සංවර්ධන ලොතරැයි මණ්ඩලය-මිහින්තල ආලෝක භාරය දායකත්වයෙන් ලංකා විදුලිබල මණ්ඩලයේ සම අනුග්‍රහයෙන්
සීමා සහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර (ලේක්හවුස්) සමාගම මගින් පනස් හයවන (56) වරටත් පවත්වනු ලබන මිහින්තලා ආලෝක පුජා පුණ්‍ය උත්සවය හෙට (26) ඓතිහාසික මිහින්තලා රජමහා විහාර මැදමළුවේදි සවස 6.00ට අති උත්කර්ෂවවත් අයුරින් ආරම්භ කෙරේ.
මිහින්තලා රජමහා විහාරාධිපති හා භාරකාර වළවාහැංගුණවැවේ ධම්මරතන නාහිමිගේ අනුශාසකත්වයෙන් හා ලේක්හවුස් ආයතනයේ සභාපති හා කළමනාකාර අධ්යක්ෂ ක්‍රිෂාන්ත කුරේ මහතාගේ උපදෙස් පරිදි මෙය සිදුකරනු ලැබේ. තෙදිනක් පුරා පැවැත්වෙන මිහින්තලා- ලේක්හවුස් ආලෝක පුජාව හෙට (26) ආරම්භව විසි හත් (27) වන දින හා විසි අට (28) වන දින සිදු කිරීමෙන් අවසන්වේ. මෙවරද මෙම පුන්‍ය උත්සවය සඳහා ලංකා විදුලිබල මණ්ඩලය සම අනුග්‍රහය දක්වන අතර ඩයලොග් ආයතනය හා ජාතික ඉතිරි කිරිමේ බැංකුව බැතිබර දායකත්වය ලබා දෙයි.
ආලෝක පුජාවේ ආරම්භක දින (26) උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු ඇමති විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඇමතිවරුන්වන අජිත් පි පෙරේරා, පි.හැරිසන්, ඇමතිනි චන්ද්‍රානි බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රි චන්දිම ගමගේ යන මහත්වරු ඇතුළු මහජන නියෝජිතයන් රැසකගේ හා ලංකා විදුලි බලමණ්ඩලය, ලේක්හවුස් ආයතනවල නිලධාරින්ගේ සහභාගිත්වයෙන් සිදුකිරීමට කටයුතු යොදා ඇත.
පොසොන් පොහෝදින (27) ආලෝක පුජා පුන්‍ය උත්සවය විවෘත කිරිම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ. මේ සඳහා ඇමතිවරුන් වන රංජිත් සියඹලාපිටිය, දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න මහත්වරු ඇතුළු මහජන නියෝජිතයන් හා රාජ්‍ය නිලධාරින්ද සහභාගි වෙති.
මිහින්තලා -ලේක්හවුස් ආලෝක පුජා පුන්‍ය උත්සවයේ අවසන් දින (28)අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ආර්.එම් වන්නිනායක මහතා ඇතුළු රාජ්‍ය නිලධාරින්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. මෙහිදි පසුගියදා පැවති බුදුරණ කථික තරගයේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් සඳහා සම්මාන සහ සහතිකපත් ප්රදානය කිරිමටද කටයුතු යොදා ඇත.
අමිල ප්‍රභාත් වනසිංහ අනුරාධපුර අතිරේක
0 Comments