පොසොන් උත්සවය වෙනුවෙන් අනුරාධපුරය බලා යන සැදැහැවතුන්ගේ ගමන් පහසුව සඳහා මේ 25 වැනිදා සිට 29 වැනි දා දක්වා විශේෂ දුම්රිය 22ක් ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගනී.
කොළඹ කොටුව මාතර හා මහව සිට අනුරාධපුරය දක්වාත් අනුරාධපුරය සිට කොළඹ කොටුව මහව මාතර හා ගනේවත්ත දක්වාත් මේ විශේෂ දුම්රිය ධාවනය කෙරෙයි.
මීට අමතරව 26, 27, 28 යන දිනයන්හි අනුරාධපුරය /මිහින්තලය / අනුරාධපුරය අතර විශේෂ දුම්රිය 70ක් ධාවනය කෙරෙයි.
27 සහ 28 යන දිනයන්හි අනුරාධපුර/ මැදවච්චිය/ අනුරාධපුරය අතර විශේෂ දුම්රියන් ද ධාවනය කෙරේ.
25 වැනිදා කොළඹ කොටුවෙන් දහවල් 12ට පිටත්ව අනුරාධපුරයට පස්වරු 4.55ට යයි.
26 වැනි දා කොළඹ කොටුවෙන් අලුයම 3.30ට මාතරින් අලුයම 5ට කොළඹ කොටුවෙන් 12. 45ට හා පස්වරු 6ට පිටත්ව අනුරාධපුරයට යයි.
27 වැනි දා - මහවින් අලුයම 2.45ට කොළඹ කොටුවෙන් අලුයම 3.30ට මහවින් පෙරවරු 10.40ට හා කොළඹ කොටුවෙන් පස්වරු 6.10ට පිටත්ව අනුරාධපුරයට යයි.
28 වැනි දා මහවින් පස්වරු 1.35ට හා 29 වැනිදා මහවින් පෙරවරු 11.30ට පිටත්ව අනුරධපුරයට යයි.
26 වැනි දා අනුරාධපුරයෙන් පස්වරු 6ට පිටත්ව කොළඹ කොටුවට රත්‍රි 11.10 ට ද, 27 වැනි දා අනුරාධපුරයෙන් අලුයම 3ට පෙරවරු 7.40 පස්වරු 3.45ට පිටත්ව මහවට ද, අනුරාධපුරයෙන් පස්වරු 5.45ට පිටත්ව මාතරට ද, අනුරාධපුරයෙන් රාත්‍රි 9ට පිටත්ව කොළඹ කොටුවට ද පැමිණේ.
28 වැනි දා අනුරාධපුරයෙන් අලුයම 1.35ට පිටත්ව ගණේවත්තටද, අනුරාධපුරයෙන් 9.50ට පිටත්ව මහවට ද, අනුරාධපුරයෙන් පස්වරු 6ට පිටත්ව කොළඹ කොටුවට ද, 29 වැනිදා අනුරාධපුරයෙන් පෙරවරු 9.30ට පිටත්ව මහවටද, 9.50ට නුරාධපුරයෙන් පස්වරු 3.45ට පිටත්ව කොළඹ කොටුවට ද පැමිණේ.
දිනපතා ධාවනය කෙරෙන සාමාන්‍ය දුම්රියන්හි මැදිරි වැඩිකර තිබේ.
0 Comments