Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ජර්මනිය පාපන්දු ලෝක කුසලානයෙන් ඉවතට

ඉතිහාසය වෙනස්කරමින් වත්මන් ලෝක ශූර ජර්මානු කණ්ඩායමට මෙවර ලෝක කුසලානයේ මූලික වටයෙන්ම ඉවත්වීමට සිදු විය.

ඔවුන් මෙලෙස ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ මුලික වටයෙන් ඉවත් වූයේ ඉතිහාසයේ පළමු වරටයි.

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ F කාණ්ඩයෙන් අවසන් 16 දෙනා අතරට සුදුසුකම් ලබා ගැනීමට හැකි වන තීරණාත්මක තරග දෙකක් රුසියාවේ කසාන් හා එකටරීන්බර්ග්හීදී පැවැත් විය.

වත්මන් ලෝක ශූර ජර්මනිය හා දකුණු කොරියාව තරග වැදුනේ කසාන්හීදී යි.

ජර්මනියට පහසු තරගයක් ලෙස බොහෝ දෙනා හැඳින් වූ මෙහි පළමු අර්ධයේදී දෙපිලටම ගෝල රැස් කර ගැනීමට අවස්ථාවක් හිමි වූයේ නැත.

ඒ අනුව ගෝල 2 ට 0 ක් ලෙස දකුණු කොරියාව හමුවේ පරාජයවීම හේතුවෙන් ජර්මනියට ඉතිහාසයේ පළමු වතාවට මෙවර පළමු වටයේ තරග දෙකක් පරාජය වෙමින් ලෝක කුසලානයෙන් ඉවත් වීමට සිදු විණි.

ඔවුන් මෙලෙස තරගාවලියෙන් ඉවත්වීමත් සමග ලෝක කුසලාන පාපන්දු පිටිය තුළ ප්‍රචලිත ”ශූරයින්ගේ ශාපය” නැවතත් අවධානයට ලක්ව තිබේ.

ලෝක කුසලානය දිනා ගන්නා කණ්ඩායමකට ඉන් අනතුරුව පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියේදී මූලික වටයෙන්ම ඉවත්වීමට සිදුවීම හඳුන්වන්නේ ”ශූරයින්ගේ ශාපය” ලෙසයි.

2010 ලෝක ශූරයින් වූ ස්පාඤ්ඤයට 2014 වසරේදීත් 1998 ලෝක ශූරයින් වූ ප්‍රංශයට 2002 වසරේදීත්, 2006 ලෝක ශූරයින් වූ ඉතාලියට 2010 වසරේදීත් මෙලෙස ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ මූලික වටයෙන්ම ඉවත්වීමට සිදු විණි.

කෙසේ වෙතත් සහභාගී වූ තරග තුනෙන් දෙකක් පරාජය වූ ජර්මනියට F කාණ්ඩයේ අවසන් ස්ථානය හිමි වූ අතර සහභාගී වූ තරග තුනෙන් දෙක බැගින් ජයගත් ස්වීඩනය හා මෙක්සිකෝව මෙවර තරගාවලියේ අවසන් 16 දෙනා අතරට සුදුසුකම් ලබා ගෙන තිබේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();