20වැනි සංශෝධනය එළිදැකීමට පෙර ඊට එරෙහිව රට කඩන රට බෙදන බිල්ලන් මැවීමට කටයුතු කළ ඇතැම්හු එය ජනතාව අතරට පැමිණීමත් සමග නිහඩව සැඟවී සිටිති.
“දැක්කෙවත් නැති 20 කෙටුම්පත ගැන සමහරුන්ට ගොඩක් දේවල් කියන්න තිබුණා. බිල්ලො මැව්වා. ඒත් දැන් ඇත්ත බිල්ලො හැංගිලා සද්දයක් නෑ.” සුනිල් හඳුන්නෙත්ති, දේශපාලන මණ්ඩලයේදී කියා සිටියේය.
“දැන් 20ට විරුද්ධ අය කියන්න දෙයක් නැහැ. ඒත් මේ කෙටුම්පත ජනතාව අතරට ගෙනියන කටයුත්ත නතර කරන්න හොඳ නැහැ. මේ රටේ ප්රජාතන්ත්රවාදය පුළුල් වෙන එකේ වාසිය ජනතාවටයි.” ජවිපෙ දේශපාලන මණ්ඩලයේදී මේ පිළිබඳව අදහස් දැක්වූ ජවිපෙ ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා පැවසීය.
“අන්තිමේට මේ ප්රශ්නෙ බේරගන්න වෙන්න ජනතාවට. අපි මේ ගැන කරුණු පැහැදිලි කරන පත්රිකාවක් ඉක්මණටම රටට බෙදමු.” විජිත හේරත් යෝජනා කළ අතර සියලු දෙනා ඊට එඟකත්වය පළ කළ අතර ඒ අනුව එළඹෙන 02වැනිදා බෙදීමට තීරණය විය.
The post “දැන් ඇත්ත බිල්ලො හැංගිලා” – හඳුන්නෙත්ති කියයි appeared first on Lanka News Column.
0 Comments