බුදුරජාණන් වහන්සේ වසර 2600 කට පෙර දේශණා කළ එම ධර්මය වර්තමානයේ තම තමන්ගේ පහසුව සහ වාසි විදිහට අද නිර්වචනය කරන බවත් නමුත් යුරෝපය පුරා බුදු දහම ප්‍රචලිත වන බවත් ඔවුන් බුදුදහමින් සත්‍ය සොයන බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න ප්‍රකාශ කර සිටී. අමාත්‍යවරයා මෙම අදහස් පළකර සිටියේ ශ්‍රද්ධාභිවන්දනා කළුතර- බේරුවල පොසොන් කලාපය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
මෙම පොසොන් කළාපය කළුතර නගරය ආශ්‍රිතව ලබන 30 දින දක්වා පැවැත්වෙයි. මෙහිදී කළුතර දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථාන, පාසල් සහ වෙළෙද සංගම් ඉදිරිපත් කරන පහන් කූඩු සහ තොරණ ප්‍රදර්ශණය කෙරේ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,
මිහිදු මාහිමියන් ශ්‍රී ලංකාවට වැඩම කිරිමත් සමග ශ්‍රී ලාංකීය ගමන් මග වෙනස් කෙරුනා. මිහිදු මාහිමියන් බුදුන් වහන්සේගේ විද්‍යාත්මක දර්ශණය ශ්‍රී ලංකාවට දායාද කළ අතර, එය පළමුව දේශනා කළේ. දේවානම් පියතිස්ස රජතුමාටයි. බෞද්ධ දර්ශණය විද්‍යාත්මක දර්ශණයක් බව ලොව පුරා විද්වතුන් අද පිළිගන්නවා. විද්‍යාවේ විප්ලවකාරි වෙනසක් ඇති කළ ඇල්බට් අයින්ස්ටයින් පවා ප්‍රකාශ කරන්නේ එය විද්‍යාත්මක දර්ශණයක් බවයි. තව ද ජනතාවාදී දර්ශණයක් ද වෙනවා. බෞද්ධ දර්ශණය ජාතියකට, ආගමකට, කුලයට කොටු වී නැහැ. බුදුරජාණන් වහන්සේ වසර 2600 කට පෙර දේශණා කළ එම ධර්මය වර්තමානයේ තම තමන්ගේ පහසුව සහ වාසි විදිහට අද නිර්වචනය කරනවා. නමුත් යුරෝපය පුරා බුදු දහම ප්‍රචලිත වෙනවා. ඔවුන් බුදුදහමින් සත්‍ය සොයනවා. කළුතර සහ බේරුවල පොසොන් කළාපය තුලින් සියලු ජාතීන් ඒකාබද්ධව පොසොන් උත්සවය සමරනවා. සියලු ජාතීන් ඊට නායකත්වය ලබාදෙනවා. අපි බෞද්ධ ප්‍රතිපත්ති රැකගෙන ඉදිරියට යා යුතුයි. කළුතර හිටපු නගරාධිපතිවරයා මෙන්ම වත්මන් නගරාධිපතිවරයා මුස්ලිම් ජාතිකයින්. ඔවුන් ඉතාම හොද සහයෝගයක් මේ සදහා ලබාදුන්නා. එය තමයි සංහිදියාව. බේරුවල පොලීසිය මගින් බෞද්ධ, මුස්ලිම් සහ කිතුණු පාසල් දරුවන්ගේ සහභාගීත්වයෙන් පහන් කූඩු ප්‍රදර්ශණයක් අද ආරම්භ කළා. එයත් සංහිදියාවේ ලක්ෂණයක්. බුදුරජාණන් වහන්සේ තම ජාතිය කුමක් ද යන්න වරෙක ප්‍රකාශ කළේ මගේ ජාතිය මිනිස් ජාතිය යනුවෙනි. බේරුවල පොලීසියේ පහන් කූඩු ප්‍රදර්ශණයත් බුද්ධ දර්හණයට අදාලයි. බුදු දහම ඉදිරියට පවත්වාගෙන යාමේ වගකීම ඇත්තේ මහා සංඝරත්නයටයි. උන් වහන්සේලා සිදු කරන ධර්ම ප්‍රචාරණ වැඩකටයුතු නිර්මල සේවාවක් බව කිව යුතු යැයි පැවසීය.
The post වසර 2600කට පෙර දේශනා කළ බුදු දහම වර්තමානයේ පහසුව හා වාසි විදිහට නිර්වචනය කරනවා – සුව ඇමති. appeared first on Lanka News Column.
0 Comments