Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අපේ රට බෞද්ධ රටක්, හිට්ලර් පාලනයක් අපට අවශ්‍ය නැහැ – ඇමැති අර්ජුන අවධාරණය කරයි.

Arjuna_Ranathunga

බෞද්ධ ආචාරධර්ම සහ සංස්කෘතියෙන් පෝෂණය වූ අපේ රටට හිට්ලර් පාලනයක් අවශ්‍ය නොවන බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග ප්‍රකාශ කර සිටී. අමාත්‍යවරයා  තවදුරටත් අවධාරණය කළේ හිට්ලර් පාලනයකින් නොව නීතිය නියමාකාරයෙන් ක්‍රියාත්මක කිරීමෙන් රට සංවර්ධනය කරා ගෙන යා හැකි බවයි.

“අපේ රජය බලයට පත් වූයේ යහපාලනය ක්‍රියාත්මක කිරීමට. අපි කිසිම විදියකින් මීනි මරලා, ගහලා, කොටලා රට පාලනය කිරීමට යන්නේ නැහැ. ඒවගේම හිට්ලර් පාලනයක් ඇති කිරීමට ඉඩක් දෙන්නෙත් නැහැ. අපි ජීවත් වෙන්නේ බෞද්ධ රටක. අපි බෞද්ධ ආචාර්ය ධර්මවලින්, බෞද්ධ සංස්කෘතියෙන් පෝෂණය වූ රටක්. එමෙන්ම අනකුත් ආගම්වලින් පෝෂණය වූ රටක්. එවැනි රටකට හිට්ලර් පාලනයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ ගැන නොසලකා මොන තරාතිරමේ කෙනෙක් වුණත් හිට්ලර් පාලනයක් ගෙනවිත් මේ රට විනාශ කරන්න හදනවා නම් ජාති ආගම්, භේදයකින් තොරව ඊට විරුද්ධව අපි නැඟී සිටිනවා. අනෙක් පැත්තෙන් අපි කිසිම අවස්ථාවක තීරණ ගන්න බය වෙන්න හොඳ නැහැ. නීතිය ක්‍රියාත්මක කිරීමට බිය විය යුතු නැහැ. මම වරාය අමාත්‍යවරයා ලෙස සිටින විට වරායේ හොරු අයින් කිරීමට බිය වුණේ නැහැ. දැන් තෙල් අමාත්‍යාංශයේදීත් හොරකම නතර කිරීමට පියවර ගෙන තිබෙනවා. එය ගහලා බැනලා කරන්න අවශ්‍ය නැහැ. නීතිය දැනටමත් තියෙනවා. ඒ නිසා රටට අහිතකර දේවල් වෙනවා නම් කකුල් දෙක බිම දාලා දැඩි තීරණ ගන්නැයි මම ජනාධිපතිතුමාගෙනුත් අගමැතිතුමාගෙනුත් ඉල්ලා සිටිනවා. අන්න ඒකයි රටට අවශ්‍ය. එහෙම නැතුව හිට්ලර් කෙනෙක් ඇවිල්ලා මිනීමරන්නයි, ගහන්නයි, කොටන්නයි අවශ්‍ය නැහැ…..”යැයි වැඩිදුරටත් පැවසීය.

The post අපේ රට බෞද්ධ රටක්, හිට්ලර් පාලනයක් අපට අවශ්‍ය නැහැ – ඇමැති අර්ජුන අවධාරණය කරයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();