Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මාකදුරේ මධූෂ්ගේ ප්‍රධාන ගෝලයෙකු වූ තිලක් STF වෙඩි පහරින් මරුට

මාතර නගරයේදී පොලිසිය හා කොල්ලකරුවන් පිරිසක් අතර ඇතිවූ වෙඩි හුවමාරුව හා මාකදුරේ මධූෂ්ගේ ගෝලයින් මරණයට පත්වීමත් සමඟින් මේ වන විට දකුණේ පාතාලය පිළිබඳව සමාජයේ දැඩි කතාබහක් ඇතිව තිබෙනවා. ඒත් සමඟින් ඊයේ (25) රාත්‍රියේද මදූෂ්ගේ ප්‍රභල ගෝලයෙකු SFT වෙඩි පහරකින් මරණයට පත් වුණා.

මාතර , කඹුරුපිටිය ප්‍රදේශයේ අවි ගත් කණ්ඩායමක් සිටින බවට පොලිස් විශේෂ කාර්ය බලකායට ලැබුණු තොරතුරක් මත සිදුකළ මෙහෙයුමක් අතරවාරයේදී අකුරැස්ස දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථයක් නවත්වන ලෙස පොලිස් විශේෂ බළකා නිළධාරීන් අණ කර තිබෙනවා. කෙසේ වෙතත් අණ නොතකා වේගයෙන් ධාවනය කර තිබෙනවා.

පසුව විශේෂ බළකා නිළධාරීන් ත්‍රීරෝද රථය ලුහුබැඳ යාමේදී ත්‍රීරෝද රථය විල්පිට ප්‍රදේශයෙහි කැළෑබද කොටසකට ඇතුළු කර විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට වෙඩි තබා තිබෙනවා. ඒ අනුවයි පොලිස් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරීන් ප්‍රති ප්‍රහාර එල්ල කර තිබෙන්නේ.

පසුව සිදුකරන ලද පරීක්ෂණවලදී ඔහු සතුව තිබී ටී 56 ගිනි අවියක් ද සොයාගෙන ඇති අතර ඔහු පාතාල කල්ලි නායක මාකඳුරේ මධුෂ්ගේ දකුණු පළාතේ සිටි ප්‍රධානතම ගෝලයෙකු වන මානෙල් රෝහණ නොහොත් තිලක් නැමැති කඹුරුපිටිය,හොරපාවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවට හඳුනාගෙන තිබෙනවා.

කෙසේ වෙතත් ඔහු සමඟ පැමිණි අනෙක් කණ්ඩායම පලාගොස් ඇති අතර ඔවුන් සොයා ඊයේ රාත්‍රියේ සිටම විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව වාර්තා වනවා. මේ වන විට SFT නිලධාරීන් හා පොලිසිය අකුරැස්සවිල්පිට රක්ෂිතයට ඇතුළු වී සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර ඇත්තේ පැනගිය සැකකරුවන් සොයාගැනීමේ අරමුණින්.



from Gossip Lanka News & Video https://ift.tt/2lDkXSt
via internet

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();