Ticker

6/recent/ticker-posts

Header Ads Widget

නඩුව අවසන් වනතුරු රිමාන්ඩ් භාරයට.

REMANDED_01

රුපියල් කෝටි 2 ක අල්ලසක් ලබා ගත්තේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී අයී.එච්. කුසුමදාස මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක යන අයගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කර  ඇති බව වාර්ථා වේ. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක විසින් සැකකරුවන් ලබන 10 වනදා දක්වා තවදුරටත් රිමාන්ඩ් බාරයේ තැබීමට නියම කර ඇත.

එමෙන්ම ඇප නියෝගය ප්‍රකාශයට පත් කරමින් මහේස්ත්‍රාත්වරයා සඳහන් කර ඇත්තේ විත්තිකරුවන් අල්ලස් වශයෙන් ලබා ගෙන ඇති මුදල සැලකිල්ලට ගැනීමේදී ඔවුන්ට ඇප ලබාදීමට හැකියාවක් නොමැති බවත් ඔවුන් නඩුව අවසන් වනතුරු රිමාන්ඩ් බාරයට පත්කරන බවත්ය.

එහිදී අල්ලස් කොමිසම අධිකරණයට වාර්ථාවක් ඉදිරිපත් කරමින් සඳහන් කර ඇත්තේ සැකකරුවන්ගේ කටහඬ පරීක්ෂාවට ලක් කිරීම සඳහා ඔවුන් ලබන 29 වැනිදා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කරන මෙන් නියෝගයක් නිකුත් කරන ලෙසත්ය. ඒ අනුව අදාළ පරීක්ෂණය සඳහා සැකකරුවන් දෙදෙනා එදිනට  රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව හමුවට යොමු කරන මෙන්ද මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර අධිකාරිවරයාට නියම කර ඇත.

කන්තලේ සීනි සමාගමට අයත් යන්ත්‍රෝපකරණ පවරා දීම සඳහා ඉන්දීය ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 540 ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා එය රුපියල් මිලියන 100 දක්වා අඩුකර ඉන් මිලියන විස්සක් අල්ලස් වශයෙන් ලබා ගත් අවස්ථාවේදී මෙම සැකකරුවන් දෙදෙනා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

 

 

 

The post නඩුව අවසන් වනතුරු රිමාන්ඩ් භාරයට. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();