Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සුන්දර ආඥාදායකයෙකු අවශ්‍ය බව ෆොන්සේකා කියයි.

Sarath_Fonseka

ජනාධිපති ධූරය හරහා මෙරටට කිසි දිනක නිවැරදි නායකත්වයක් නොලැබුනු බවත් අපේ රටට අර මැලේසියාවේ ඉන්න ඩොක්ටර් මහතීර් වැනි  සිංගප්පුරුවේ හිටපු ලී කාන් යූ වැනි සුන්දර ආඥාදායකයෝ අවශ්‍ය බවත් අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ප්‍රකාශ කර සිටී. අමාත්‍යවරයා මෙලෙස ප්‍රකාශ කර සිටියේ,  කැළණිය ප්‍රදේශයේ පැවති උත්සව අවස්ථාවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා,

“අපේ රටට මෙතෙක් මම හිතන්නේ නැහැ හරි නායකත්වයක් ලැබුණා කියලා. ජනාධිපති පුටුව හරහා රට පස්සටමයි ගියේ. ඒක හින්දා අපේ රටට අර මැලේසියාවේ ඉන්න ඩොක්ටර් මහතීර් වගේ සිංගප්පුරුවේ හිටපු ලී කාන් යූ සුන්දර ආඥාදායකයෝ කියලා ඒගොල්ලන්ට කියන්නේ. ඒ වගේ කෙනෙක් තමයි අපිට අවශ්‍ය. පුද්ගලික අනුශාසනාවකදී කියලා එකකදී කරලා තියෙනවා ඔබතුමා හිට්ලර් වගේ හරි රට පාලනය කරන්නකෝ කියලා. ඒ සෙල්ලම්නම් මේ රටේ සිද්ධ වෙන්න අපි තියන්නේ නැහැ. පැපිලියානේ ඉන්නවා අභේතිස්ස කියලා චිවරධාරියෙක්. උන්වහන්සේත් මම දැක්කා අද කියනවා ඒ හිට්ලර් විදියට රට පාලනය කරන්න කියපු එක හරිලු. අපි ඔය වගේ කතාවක් අපේ කටකින් වැරදිලා හරි ගියා නම් ඔය කට්ටියම තමයි රට වටේ දුවන්නේ මර හඬ දිදී.” යැයි පැවසීය.

The post සුන්දර ආඥාදායකයෙකු අවශ්‍ය බව ෆොන්සේකා කියයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();