මූල්‍ය අර්බුදයක ගිලී සිටින වත්මන් ආණ්ඩුව රාජ්‍ය දේපළ, රාජ්‍ය ආයතන විකුණමින්, බදු දෙමින් මුදල් සොයා ගැනීමට උත්සාහ දරමින් සිටී. මෙහි අලුත්ම පියවර වී ඇත්තේ රාජ්‍ය බැංකුවලින් 10%ක කොටස් අයිතියක් විකුණා දැමීම පිළිබඳව සලකා බලමින් සිටීමය. මේ පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණ, ලංකා බැංකු සේවක සංගමය සමග ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී සාකච්ඡාවක් කරන ලද අතර සුනිල් හඳුන්නෙත්ති සහ වසන්ත සමරසිංහ ඊට සහභාගී වූහ. මෙහිදී බැංකු සේවක සංගමය පෙන්වා දුන්නේ ඔවුන් බැංකු පෞද්ගලීකරණය, ඊපීඑෆ්/ඊටීඑෆ් කොල්ලය ඇතුළු කරුණු ගණනාවක් ගැන එළඹෙන 04වැනිදා සම්මන්ත්‍රණයක් කරන බවය. එසේම ඊට ජවිපෙටද ආරාධනා කරන බව ඔවුහු කීහ.
“ඔබලා විසින් සංවිධානය කරන සම්මන්ත්‍රණයේ මාතෘකා සියල්ලටම අපේ එකඟත්වය තිබෙනවා. අරාධනා කිරීම ගැන ස්තූතියි. මේ ගැටලු ඔබට හෝ අපට හුදෙකලාව බලපාන දේවල් නෙමෙයි. රටට බලපාන දේවල්. මේ ගැටලුවලට එරෙහිව ඒකාබද්ධ සටනක් කරන්න ඕනෑ.” හඳුන්නෙත්ති පෙන්වා දුන්නේය.
The post රාජ්‍ය බැංකුවලින් 10%ක් විකිණීමට ජවිපෙ විරෝධය. appeared first on Lanka News Column.
0 Comments