Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පළමු වරට CIA ප්‍රධානියා ලෙස කාන්තාවක්

අමෙරිකා CIA සංවිධානයේ ප්‍රධානියා ලෙස පළමු වරට කාන්තාවක පත් කර තිබේ.

ඒ අනුව CIA ප්‍රධානියා ලෙස ජිනා හැස්පෙල්ගේ පත්වීම අමෙරිකානු සෙනෙට් මණ්ඩලය අනුමත කර ඇති බව බීබීසී පුවත් සේවය වාර්තා කර ඇත.

සෙනෙට් මණ්ඩලය එය අනුමත කර ඇත්තේ, ජිනා හැස්පෙල් 2001 සැප්තැම්බර් 11 ප්‍රහාරය සම්බන්ධ විමර්ශනවලට අදාළ ඔත්තු සේවා භූමිකාව ද හොබවමින් සිටියදී බව සඳහන් ය.

කෙසේ වෙතත් ඊට අදාළ ඡන්ද විමසීමේදී පක්ෂව ජන්ද 54ක් හිමි වූ අතර විපක්ෂව ලැබී ඇති ඡන්ද සංඛ්‍යාව 45කි.

ජිනා හැස්පෙල් CIAප්‍රධානියා ලෙස පත් කෙරුණේ, හිටපු ප්‍රධානී මයික් පොම්පියෝ අමෙරිකානු ආරක්ෂක ලේකම් තනතුරට පත් කිරීමත් සමග එම ධූරය හිස් වීම හේතුවෙනි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();