ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අට වසරකට පසුව ඉහළම ආදායමක් වාර්තා කිරීමට සමත්ව තිබේ.
තිලංග සුමතිපාල මහතාගේ සභාපතිත්වයෙන් යුත් වර්තමාන ක්‍රිකට් පාලනය පසුගිය වසරේ ලැබූ ලාභය රුපියල් බිලියන 1.97කි. එය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉතිහාසයේ වර්ෂයකදී ලැබූ ඉහළම ආදායම වන අතර 2010 වසරෙන් පසුව ලාභ ලැබූ ප්‍රථම අවස්ථාව බව ආයතනය පවසයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2017 වසරේ විගණනය කරන ලද ගිණුම් වාර්තා ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා විසින් ක්‍රීඩා ඇමැති ෆයිසර් මුස්තාපා මහතාට බාර දී තිබේ.
2017 වර්ෂයේ ක්‍රිකට් ආයතනයේ දළ ආදායම රුපියල් බිලියන 6.19 දක්වා ඉහළ ගොස් තිබේ. මේ අනුව එම වසරේ ශුද්ධ ආදායම රුපියල් බිලියන 2.12ක් බව එම ගිණුම් වාර්තාවේ සඳහන් වෙයි.
ක්‍රිකට් ආයතනයේ 2016 වසරේ අලාභය රුපියල් මිලියන 572ක්ද, 2015 වසරේදී රුපියල් මිලියන 985 අලාභයක්ද, 2011 වසරේ අලාභය රුපියල් රුපියල් බිලියන 4.25ක් ලෙසින්ද ගිණුම් වාර්තාවල දැක්වේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය 2017 වසරේ ආදායම රුපියල් බිලියන 6කින් වැඩිකර ගෙන තිබේ. මෙය එම ආයතනය ඉතිහාසයේ වර්ෂයකදී ලැබූ ඉහළම ආදායම වේ.
ආයතනයේ මුදල් හා එයට සමාන වත්කම් රුපියල් බිලියන 2.4 දක්වා ඉහළ නැග තිබේ.
දේශීය ක්‍රිකට් තරගාවලි සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ආයෝජනය 2017 වසරේදී රුපියල් මිලියන 464 දක්වා වැඩි වී තිබේ. 2016 වසරේදී එය රුපියල් මිලියන 241ක් වී තිබිණි.
මීට අමතරව ක්‍රිකට් සංවර්ධනය වෙනුවෙන් 2017 වසර තුළ ආයෝජනය කළ මුදල රුපියල් මිලියන 724කි. මෙයද සැලකිය යුතු වැඩි වීමකි. 2016 වසරේ මේ වෙනුවෙන් ආයෝජනය කළ මුදල රුපියල් මිලියන 584කි.


0 Comments