රාජ්‍ය සේවයේ වසර 35 කට ආසන්න කාලවයක්සේවය කර ඇති ඒ. පී. ජී. කිත්සිරි මහතා තිරසර සංවර්ධන වනජීවි සහ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත් කරනු ලැබ සිටී.
ඒ. පී. ජී. කිත්සිරි මහතා පොළොන්නරුව දිවුලන්කඩවල මහා විද්‍යාලයේ මූලික අධ්‍යාපනය හැදෑරූ අතර පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය ලබා ගත්තේය. ඉන් අනතුරුව කළමනාකරණ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවද, පරිගණක තාක්ෂණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව ද සහ රාජ්‍ය පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධි ද ලබාගෙන ඇත.
1987දී ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක්වූ සමුපකාර සංවර්ධන උප කොසාරිස්වරයකු ලෙසද ප්‍රාදේශීය ලේකම්වරයකු ලෙසද, ආගමන විගමන නියෝජ්‍ය පාලකවරයකු ලෙසද, පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයකු ලෙසද කටයුතු කළ අතර 2006 වර්ෂයේදී සමුපකාර සංවර්ධන කොමසාරිස් සහ සමුපකාර සමිති රෙජිස්ට්‍රාර්වරයා ලෙස පත්විය.
2010 වර්ෂයේදී සමුපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයකු ලෙසද 2013 වර්ෂයේදී ධීවර අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයකු ලෙස ද අවස්ථා ගණනාවකදී වැඩබලන ලේකම්වරයකු ලෙසද ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙසද කටයුතු කර ඇති කිත්සිරි මහතා 2017.06.09 දින ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත් කරනු ලැබීය.


0 Comments