බුද්ධිකා ඉඹුලාන, සිතාරා සේනානි, චන්දිමා කරුණාරත්ත
සයිටම් ගැටලුව දැන් විසඳී ඇතැයි සෞඛ්‍ය ,පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති ,සම කැබිනට් ප්‍රකාශක වෛද්‍ය රාජිත සේනාරත්න මහතා කියයි. මෙහි කටයුතු සම්බන්ධයෙන් රජය නිසි ක්‍රමවේදයක් සකස් කර ඇති අතර ඒ සඳහා කැබිනට් මණ්ඩල අනුමැතියද හිමිවූ බව ද ඇමැතිවරයා පවසයි.
දකුණු ආසියානු තාක්ෂණ හා වෛද්‍ය ආයතනය හෙවත් (SAITM) වෛද්‍ය අධ්‍යාපනයේ නිරත සිසුන් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත් කරගැනීම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුත් නිලධාරි කමිටුව විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශ අනුව ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීම පිණිස පසුගිය මාර්තු 06 දින අමාත්‍ය මණ්ඩලය විසින් අනුමතිය ලබා දෙන ලදී.
එහිදී අනුමැතිය ලබා දෙන ලද ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමේදී මතු වී ඇති නීතිමය හා ප්‍රායෝගික ගැටලු සම්බන්ධයෙන්, මෙම මස 09 දින ජනාධිපති මෙමත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ මෙම මස 10 දින උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගේ සහභාගිත්වයෙන් සාකච්ඡා පවත්වනු ලැබිණි.. එම සාච්ඡාවලදී තීරණයවූ පරිදි, SAITM ආයතනයේ වෛද්‍ය සිසුන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් නිර්දේශ කීපයක් ක්‍රියාත්මක කිරීම සඳහා නීතිමය ප්‍රතිපාදන සැකසීමට නීති කෙටුම්පත් සම්පාදකවරයා වෙත උපදෙස් දීම පිණිස ආරක්ෂක අමාත්‍යතුමා වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරඇත.
ඒ අනුව 2009 සැප්තැම්බර් මස 15 දින සිට 2017 මැයි මස 15 දින දක්වා වෛද්‍ය විද්‍යාව හැදෑරීමට SAITM ආයතනය යටතේ ලියාපදිංචි කර ඇති සිසුන් අතුරින්, රජයේ විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨයන්ට ඇතුළත් කරගැනීමේ මූලික සුදුසුකම් සපුරා ඇති සිසුන් පමණක් ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත් කරගැනීම, එම සිසුන් ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය වෙත ඇතුළත් කරගැනීම සම්බන්ධයෙන් වන අවශ්‍යතා සහ කොන්දේසි නිර්ණය කිරීමට එම විශ්වවිද්‍යාලයේ කළමනාකරණ මණ්ඩලය වෙත බලය ලබා දීම, සහ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට අන්තර්ග්‍රහණය කරනු ලබන SAITM ආයතනයේ සිසුන් අතුරින් ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ අදාළ විභාග සමත් වන සිසුන්ට එම විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය පිරිනැමීම මෙම නිර්දේශ බව ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා කියයි.
ඊයේ (16) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මෙම කරුණු අනාවරණය කෙළේය.


0 Comments