Ticker

6/recent/ticker-posts

Header Ads Widget

හලාවත ධීවර වර්ජනය අවසන්

ප්‍රසාද් පුර්ණාමාල්, පුත්තලම දිසා සමුහ

දින දෙකක් පුරා පැවති වර්ජනය තාවකාලිකව නතර කිරීමට තීරණය කළ බව හලාවත ධිවර දිස්ත්‍රික්කයේ සභාපති රෝෂන් ප්‍රනාන්දු මහතා පැවැසිය. ඉන්ධන මිළ අඩු කරන ලෙස ඉල්ලමින් පසුගිය 13 වැනි දින සිට වයඹ භටහිර වෙරළ තිරයේ ගම්මාන රැසක ජනතාව මුහුදු යාම වර්ජනය කල අතර එය අවසන් කිරීමට තීරණය කලේ පෙරේදා (15 ) පස්වරුවේ ධිවර ඇමැතිවරයා සමග කොළඹ දීපැවති සාකච්චාවකින් පසුයි .

පිළිබද අදහස් දැක්වූ හලාවත ධිවර දිස්ත්‍රික්කයේ සභාපති රෝෂන් ප්‍රනාන්දු මහතා.

ධිවර ඇමැතිවරයා අපේ හඩට කන් දුන්නා .නමුත් නිලධාරීන් එසේ කලේ නැහැ .නිලධාරීනට අවශ්‍ය නැවතත් සහනාධාරයකට ගිහින් වංචා කරන්නයි . ඇමැතිවරයා අපේ ඉල්ලීම වු ඉන්ධන වර්ණ ය වෙනස් කර ධිවරයනට ලබා දීමට එකග වුණා . මේ පිලිබද සාකච්චාවක් දින දෙකක් තුල ලබා දීමටත් මෙහිදී පොරොන්දු වුණා .

හලාවත ධිවර දිස්ත්‍රික්කයේ ලේකම් සුදේශ් ප්‍රනාන්දු මහතා .

මෙවරත් ඉන්ධන බිල්ල ගත්තේ හලාවතින් . අපි කියන්නේ නැවත මෙවැනි දේවල් නොවෙන්න රජය ක්‍රියා කල යුතු බවයි . මේ ධිවර ව්‍යාපාරිකයාට රජය අනිවාර්යෙන් වන්දියක් ලබා දිය යුතුයි . මෙවර ධිවර ඇමැතිවරයා ධිවර ජනතාව ගැන හිතලා කටයුතු කරන පුද්ගලයෙක් බව සාකච්චාවේදී පෙනී ගියා .එලෙසම ඉදිරියටත් කටයුතු කරනු ඇතැයි ධීවරයන් බලාපොරොත්තු වෙනවා .

හලාවත වැල්ල ධිවර සමිතියේ සභාපති රොෂාන් ප්‍රනාන්දු .

අපි වර්ජනය අතහැරියේ තාවකාලිකව . රජයට ධීවරයන් ගැන විසදුමක් ලබා දෙන්න දින කීපයක් ලබා දී තිබෙනවා .

රජය ධිවරයනට ස්ථිර විසදුමක් ලබා දීමට ඉදිරිපත් නොවුනහොත් නැවතත් අපි රටේ සියලු ධීවරයන් සමග පාරට බහිනවා යැයිද පැවැසිය .

දින දෙකකට පසු හලාවත මාළු වෙළෙද පොළ ඊයේ (16) දිනයේ විවෘත වූ නමුත් මාළු වැඩි ප්‍රමාණයක් හා වෙළෙදුන්වැඩි ප්‍රමාණයක් දක්නට නොලැබිණි . බහුතරයක් ධීවරයන් මුහුදු ගොස් නොතිබු අයුරුද දක්නට ලැබිණි .

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();