Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අාපදා අැමති පුත්තලමේ අාපදා නිරීක්ෂණයක

පුත්තලම හලාවත මාර්ගය ජලයෙන් යටවීම හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමනයට දැඩි බාධා එල්ල වී තිබේ.

මාඑළිය වැවේ පැති බැම්මක් කැඞී යාම හේතුවෙන් ජලය පිටාර ගැලීමෙන් මාර්ගයේ 66 කණුව සිට ආරච්චිකට්ටුව දක්වා  ජලයෙන් යටවී ඇති බවයි එය නිරීක්‍ෂණය කිරීමෙන් අනතුරුව ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර පැවසුවේ.

ඇතැම් ස්ථානවල අඩි 03 ක් පමණ ජලයෙන් පිරී පවතින බවත්, එම ප‍්‍රදේශයේ වාහන ගමනාගමනය පාලනය කිරීම ඇතුළු අනෙකුත් ආරක්‍ෂක කටයුතු සඳහා පොලිසිය හා ආපදා අංශ කැඳවීමට පියවර ගත් බවත් අමාත්‍යවරයා පැවසීය.

මාඑළිය වැව පිටාර ගැලීම හේතුවෙන් අවතැන්ව සිටින ජනතාව ආරක්‍ෂිත ස්ථාන වෙත යොමු කිරීම සඳහා නාවික හමුදාව යෙදවීමටද පියවර ගෙන තිබේ.

මේ අතර ආණමඩුව - හලාවත මාර්ගයද ජලයෙන් යටවී තිබේ. රතඹලාඔය පිටාර ගැලීම මීට හේතුවයි.

එම මාර්ගයද කිලෝමීටරයක් පමණ දුරට ජලයෙන් යටවී ඇති අතර මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී තිබේ.

රතඹලාඔය පිටාර ගැලීමෙන් ගලා ආ ජල පහරට හසුව ගවයින් මෙන්ම වන සතුන්ද ජීවිතක්‍ෂයට පත්ව තිබූ අයුරු මෙම නිරීක්‍ෂණයේදී දැකගත හැකි විය.

එමෙන්ම ජල ගැලීම් හේතුවෙන් මහවැව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පවුල් 59 ක් ආරක්‍ෂිත ස්ථාන වෙත යොමු කිරීමට පියවර ගත් බව අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර පැවසීය.

විජයකටුපොත වැව වාන් දැමීම හේතුවෙන් ආරච්චිකට්ටුව, විජයකටුපොත ප‍්‍රදේශයේ පවුල් 10 ක් ආරක්‍ෂිත ස්ථාන වෙත යොමු කර තිබේ.

එමෙන්ම පල්ලම සේරුකැලේ පවුල් 06 ද ජලගැලීම්වලට ලක්ව ඇති අතර, එම පවුල් ද ආරක්‍ෂිත ස්ථාන වෙත යොමුකර පහසුකම් සැලසිමට අමාත්‍යවරයා පියවර ගත්තේය.

පුත්තලම තබ්බෝව වැවද පිටාර මට්ටමට ආසන්න වී ඇති බැවින් ඒ පිළීබඳ පුළුල් අවදානයක් යොමු කරන ලෙසද අමාත්‍යවරයා ආපදා අංශ, පොලිසිය ඇතුළු අනෙකුත් අංශ වෙත උපදෙස් ලබා දුන්නේය.

පුත්තලම දිස්ති‍්‍රක්කයේ ප‍්‍රදේශ ගණනාවකට ඊයේ රාති‍්‍රයේ සිට තද වැසි ඇද හැලෙමින් පවතීයි.

මෙම තත්ත්වය තුළ ඇති විය හැකි ආපදාවන් මොනවාද හා එම තත්ත්වයන් උපරිමයෙන් අවම කර ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම වෙනුවෙන් වාරිමාර්ග, ජල කළමනාකරණ හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර අදාල අංශවල නිලධාරීන් සමග මේ වන විටත් නිරීක්‍ෂණයක යෙදෙමින් සිටීයි.

පුත්තලම දිස්ති‍්‍රක් ලේකම්  ඇතුළු ආපදා කළමනාකරණ නිලධාරීන්ද මෙම නිරීක්‍ෂණ චාරිකාවට එක්ව සිටිති.

 

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();