පිහි ඇණුමකට ලක්ව ලන්ඩන් නුවර මාර්ගයක වැටී සිටි ශ්‍රී ලාංකික තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
මිය ගිය පුද්ගලයා අරුනේෂ් තංගරාජා නමැති 28 හැවිරිදි තරුණයෙකු බවටයි හදුනාගෙන අැත්තේ.
පිහි ඇණුම් ප්‍රහාරයකට ලක්ව තරුණයකු මාර්ගයක වැටී සිටින බවට ඊයේ (20) අලුයම එරට ආරක්ෂක අංශ වෙත තොරතුරක් ලැබී අැති අතර අදාල ස්ථානයට ආරක්ෂක නිලධාරීන් සහ සෞඛ්‍ය අංශ පැමිණෙන විටත් අදාල තරුණයා මියගොස් සිටි බවයි වාර්තා වන්නේ.
මෙය ඝාතනයක් බව සලකා පොලිස් පරීක්ෂණ ආරම්භකර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට 44 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
මියගිය තරුණයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද (21) දින සිදුකිරීමට නියමිතයි.



0 Comments