අයහපත් කාලගුණයෙන් විපතට පත් සියලු ජනතාවට කඩිනමින් සහන සැළසීමට පියවර ගන්නා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අදාළ අංශවලට උපදෙස් ලබාදී තිබේ.
ජනාධිපතිවරයා සියලූම දිස්ත්‍රික් ලේකම්වරුන්ට සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ට උපදෙස් ලබාදී ඇත්තේ, මූල්‍ය ප්‍රතිපාදන ගැටළුවක් කර නොගන්නා ලෙස සහ රජයෙන් ලබාදිය යුතු සියලූ සහන කඩිනමින් ලබාදෙන ලෙසටයි.
මේ අතර දැනට පවතින වර්ෂාපතනය හේතුවෙන් දිස්ත්‍රික්ක 12 කට බලපෑම් එල්ලවී අැත.
ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර සහ යන දිස්ත්‍රික්කවලට එමඟින් දැඩි බලපෑම් එල්ලවී ඇති බවටයි වාර්තාවන්නේ.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ පවුල් 3438 කට අයත්, පුද්ගලයින් 13,314 ක් මේ වනවිට අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්ව සිටින බවයි.


0 Comments