අයහපත් කාලගුණයෙන් මියගිය සංඛ්‍යාවද 07 දක්වා ඉහළ ගොස් තිබේ.
වර්ෂාව පවතින අවස්ථාවේදී මසුන් ඇල්ලීමට ගොස් ගිං ගඟේ දිය පහරට හසුව අතුරුදන් වූ පුද්ගලයාගේ සිරුර අද දහවල් සොයාගැනුනේ නාවික හමුදාව සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් එක්ව සිදුකළ මෙහෙයුමකදියි.
පසුගිය දින දෙක තුළ අකුණු අනතුරු හේතුවෙන් පුද්ගලයන් 04 දෙනෙකුත්, පස් කඳු සහ ගස් කඩාවැටීම හේතුවෙන් පුද්ගලයන් දෙදෙනෙකුත් මියගොස් තිබුණි.
හමුදා මාධ්‍ය ප්‍රකාශක, බ්‍රිගේඩිර් සුමිත් අතපත්තු ප්‍රකාශ කළේ ඕනෑම අවස්ථාවක විපතට පත් ජනතාවට සහන සැළසීම සඳහා යුද, ගුවන් සහ නාවික හමුදා සූදානමින් සිටින බවයි.


0 Comments